රවිට ආයිත් පොල්ලක්.. ඇමතිකමක් දෙන්න එපා යයි එජාප ඇමතිලා ජනපතිට කේලාම් කියති..

September 9, 2018 at 10:40 am | lanka C news
රවිට ආයිත් පොල්ලක්.. ඇමතිකමක් දෙන්න එපා යයි එජාප ඇමතිලා ජනපතිට කේලාම් කියති..

එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා දීම ගැන ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක්ම විරෝධය දක්වා ඇති බව ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙසේ විරෝදය දක්වා ඇති ඇමතිවරුන් අතර එජාප ඇමතිවරුන්ද වන බවයි.

රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙන්නේ යයි සිරිකොතේදී පැවති එජාප 72 වැනි සංවත්සරය අවස්ථාවේදී අදහස් පලවීමෙන් පසු මෙම විරෝධය එල්ල වී ඇත.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් නැවත ලබා දීමට ජනාධිපතිවරයාගේ කිසිදු අදහසක් නැති බවයි.

79 views
Main News