රවිට එරෙහි විශ්වාස භංගයෙන් ඔහු බේරා ගන්නවා.. ඔහුට ඇත්තේ චෝදනා පමණයි.. ඔප්පු වී නෑ..- එජාපය
July 31, 2017 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තුව හමුවට ඇමති රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කලහොත් ඔහු රැක ගැනීමට එක්සත් ජාතික පක්ෂය පෙනී සිටින බව එම පක්ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
ඇමති රවි කරුණානායකට එල්ල වී ඇත්තේ චෝදනාවක් පමණක් බවත් එය මේ වන තෙක් නීතිය හමුවේ ඔප්පු වී නැති නිසා එසේ තහවුරු වන තෙක් ඔහු රැකීමට පෙනී සිටින බවද මහ ලේකම්වරයා කියා සිටී.