රවිට ‘හොදම මුදල් ඇමති’ කුසලානය දෙන්න ලන්ඩනයේ මහ උත්සවයක්.. රවි දෙදිනක් කලින් යයි..

March 21, 2017 at 4:40 pm | lanka C news
රවිට ‘හොදම මුදල් ඇමති’ කුසලානය දෙන්න ලන්ඩනයේ මහ උත්සවයක්.. රවි දෙදිනක් කලින් යයි..

‘ද බෑන්කර්’ ජාත්‍යන්තර සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේදී හොඳම මුදල් ඇමතිවරයා යයි නම් කර ඇති රවී කරුණානායක මෙරට මුදල් ඇමතිට ඒ වෙනුවෙන් වූ සම්මාන ප‍්‍රදානය කිරීම එංගලන්තයේ ලන්ඩන් නුවරදී මෙම 24 වන දින පැවැත්වෙයි.

‘ද බෑන්කර්’ මූලස්ථානයේ පැවැත්වෙන එම උත්සවයට සහභාගී වීමට රවී කරුණානායක මහතා හෙට (22) දිනයේ මෙරටින් පිටත්ව යයි.

කරුණානායක මහතා හොදම මුදල් ඇමති ලෙස නම් කර ඇත්තේ මෙරට ආර්ථිකය වර්ධනය නිසි ලෙස කළමනාකරණය කිරීමත්, ආර්ථිකය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමත් සලකා බලමිනි. සගරාව තව දුරටත් පෙන්වා දී ඇත්තේ ඔහු ශ‍්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය අර්බුද වැලැක්වූ බවත්, මුදල් සංචිත යථා තත්ත්වයට පත් කරමින් විදේශ ආයෝජකයන්ගේ ධිනා ගැනීමට හැකිව සිටින බවත්ය.

84 views