හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර නව ආණ්ඩුකාර.. රන්දෙණිය බෑ කියයි..

March 24, 2020 at 12:40 pm | lanka C news
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර නව ආණ්ඩුකාර.. රන්දෙණිය බෑ කියයි..

බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ මෙම පත්වීම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු ධුරය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.

මේ අතර බස්නාහිර ආණ්ඩුකාර ධුරය භාරගන්නා ලෙස කරන ලද ඉල්ලීම ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමන්ට මෙවන් භාරදුර වගකීමක් භාරදීමට තරම් තමන් ගැන විශ්වාසය තැබූ ජනාධිපතිවරයාටත් ස්තූතිය පුද කරන බවද රන්දෙණිය මහතා සඳහන් කළේය.

නමුත් අතිශය පුද්ගලික හේතූන් මත මෙම ධූරය භාර ගැනීමට නොහැකි බවත් ඒ ගැන තමන් ඉතාමත් කනගාටු වන බවත් රන්දෙණිය මහතා පැවසීය.

යහපත් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයා විසින් දරන මහත් උත්සාහයට තම ප්‍රණාමය පුද කරන බව ද ඊට අඛන්ඩව සහය දෙන බව ද තවදුරටත් සඳහන් කළේය.

53,292 Viewers

35 Comments to “හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර නව ආණ්ඩුකාර.. රන්දෙණිය බෑ කියයි..”

  1. RAYMOND says:

    රවින්ද්‍ර රංදෙණිය ඔබ රටට දුන් ආදර්ශය ඉතාම වැදගත්

    • Gamini says:

      ඔය වගේ කතාවක් ගම්මන්පිල මහත්තයත් කීව .ඔහුත් කැබිනට් ඇමතිදූරය ප්‍රතික්ශේපකලා. එතන උනේ සුදුසුකම් ඉහලින්ම තිබිල නොදුන් එක .මෙතන උනේ කිසිම සුදුසුකමක් නැතිව තනතුර දී මහජන විරෝධය මත හකුලා ගැනීම.

      • kawinda says:

        eththa. Ravundra Randeniya and Ranjan Ramanayaka. me dennama wig damaagena samajaye hesirenne. denna charitha dekak wana athara Ravindrage wedagathkamak penenawa. kese wethath FB prahaara daraaganu nohekiwa sudussekuta ida salasamin nodanna aandukaarakam kireemen ethweema nam agaya kala yuthui.

      • Niru says:

        Absolutely right. The most important province in the country cannot be run by an inexperienced aging actor

    • Dilan says:

      Uthuru mada palathata pathkala ekaa wenuwatath ita wada hoda ekek dammanam hodanadda…………..? Maheepaala kiyanne dan pilunuwechcha charithayak

  2. Climax says:

    It was a bad decision if president appointed a actor as the governor of Western province

  3. sena says:

    යහපත් සව්බග්ය රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයා විසින් දරන මහත් උත්සාහයට අපගේ ප්‍රණාමය
    පැරකුම්බා දුටුගැමුණු යුගයක් ඇතිවෙනනවා එකාන්තයි

  4. රටවැසි says:

    රණ්දෙනිය මහත්මයො බොහෝම ස්තූතියි . තරම දැනගෙන ඉන්න ඔබතුමා මහත්මා කමට ඔබිනවා . මගේ ආචාරය පිළිගන්න .

  5. T says:

    Ravindra Randeniya gen yahapath Prathichaar yak. Me Rate metaram Ugathun Budimathun sitiyadai Naluwo, Cricket kridakayo, hamuda Niladarim Path Kirimath vihiluwak. Mahajantha wa Janadipathi Tumagen mita wada deyak Balaporothu una.

    • Me says:

      මහජනතාව බලාපෙරොත්තු වූ දෙය ඔබ දන්නේ කෙසේද?

      • 18 කනුව says:

        ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙලාවට පාරට බහින උන්ට පොලිසියේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව 2″ x 2″ සම්මාන ආචාර නොපවත්වන එකනම් පිළිගන්න බැහැ. උන් මුළු රටම අවදානමේ හෙලනවා.

        • වරදට දඬුවම නියතයි says:

          ඉන්දියාව කොරෝනා පාලනය කරගෙන ඉන්නේ එහෙමයි.

    • Thusitha says:

      එතකොට ඔය නළුවෝ හමුදාකාරයෝ අතර උගතුන් බුද්ධිමතුන් ඉන්න බැරිද වහන්සේ……………

  6. Dilshan says:

    Congratulations dear Sir you are a Hero who can participate in developing this country.
    Great that we are getting really good people to develop this country

  7. Bnv says:

    Respect you mr. Randeniya . You are living icon to other artist who hungry for power. Hats off you again

  8. Gamini says:

    ඔය වගේ කතාවක් ගම්මන්පිල මහත්තයත් කීව .ඔහුත් කැබිනට් ඇමතිදූරය ප්‍රතික්ශේපකලා. එතන උනේ සුදුසුකම් ඉහලින්ම තිබිල නොදුන් එක .මෙතන උනේ කිසිම සුදුසුකමක් නැතිව තනතුර දී මහජන විරෝධය මත හකුලා ගැනීම.

    • Me says:

      හරියටම දැනගෙනමද ඔය ලිව්වෙ?

    • නිමල් says:

      මෝඩ කතා කියන්න එපා. ගමන්පිල කිව්වේ ඇමති තරගය නිසා එයා මුලින්ම ඇමති කමක් එපා කීවා කියල..දන්නේ නැති දේ නොකියා හිටියානම් හොදයි

  9. Hkgf says:

    රන්දෙණිය bee කියපු eka nam හොඳයි

  10. Edwin says:

    රන්දෙනිය මහතා ගත් තීරණය ඉතා විශිෂ්ටයි.

  11. Rata says:

    This is good move. Now the city is in good capable hands.

    • Siri says:

      Which city man? This is not about a post of Mayor 🙂

      • Kgs basnayake says:

        its the colombo, main city of western province.

        now that unp prostitute mayor cannot take foolish decisions like building her own toilet

  12. සාධාරණ මිනිසා says:

    හොඳ නළුවෙක් වගේම හොඳ මහත්මයෙක් !

  13. දේශප්‍රේමියා says:

    ශ්‍රේශ්ථ කලාකරුවෙක්. නිහතමානී මිනිසෙක්.බොහෝම හොද ආදර්ශයක් සියලුම දේශපාලුවන්ට දීලා තියෙන්නේ.
    කලාකම කියන්නේ දේශපාලනයට සුදුසුකමක් නොවේ.එයට පරිපාලනය සම්භන්ද දැනුම අවශ්‍යයි.එය අදාල සුදුසුකම් ඇති අයට දී ඔබතුමා පසෙකට වීම අපි අගයකොට සලකනවා…

    • nimalsiri says:

      kalaakamai deshapaalanayai ekata eka sambandhawelaa thiyenne kalaathurakin kenekutai.udaaharanayata MGR.nuwara upatha lebu ohu tamilnaaduwe pradhaana naluwek welaa indala,pasuwa ema ratema maha emathi (CM)vunaa.ekenuth jaya gaththaa.ova ithin upadinakota aragena ena deval.hema ekaatama eka behe.

  14. Aurora says:

    හරියට හරි. සිරිසේන හෝ සජිත් වගේ තමන්ට දරන්න බැරි වගකීම් කරට අරන් නිකම් චාටර් වෙනවට වඩා බුද්ධිමතෙක් වැඩකරන්න ඕන විධිය ඕක තමයි.

    • බන්ඩා says:

      සජිත් කවදාවත් කොහෙවත් ⁣හැකියාවක් පෙන්නල නැහැ. සාර්තක පරිපාලනය කරන ක්‍රම දෙකක් තියනවා. එකක් ප්‍රේමදාස සහ බැසිල් වගේ හෑන්ඩ්ස් ඕන් ඔන් එවරිතින්. අනෙක JR වගේ ටච් විත් එවරි තින් බයි බිග් පික්චර්. මමත් කලේ දෙවැන්නය්.

  15. Kgs basnayake says:

    good move
    western province should be given to capable hand
    air force commander is a silent hero and hope he will add value to the province.
    all the best

  16. Naluwek says:

    Ravindra would have known his capacities and abilities better than anybody else!

  17. බන්ඩා says:

    සිරිසේන ජනාධිපති කම කලා නම ඉසුරැ දේවප්‍රිය බස්නාහිර මහඇමති වැඩේ කලා නම් රන්දෙනිය බස්නාහිර ගවනර් කම් කොරන එක කජ්ජක්ද .

  18. Aruna says:

    රවීන්ද්‍ර රන්දෙණිය නළුවෙකු බව සැබෑය. නමුත් ඔහු හා රන්ජන් අතර වෙනස හිරු සහ කනාමදිරියෙකුගේ වෙනස මෙනි. ඔහු රොනල්ඩ් රේගන්ගේ මට්ටමේ තැබියහැකි නළුවෙකි. ඔහු අති විශිෂ්ටයෙකි. දන උගත් නළුවෙකි. ඔහු පිලිබදව රංජන්ගේ මට්ටමෙන් සිතීමම අපරාදයකි.

  19. Love nature says:

    කලා කරුවන් මෙම තනතුරට යෙදීම පුටුව කඩලා මේසයක් හදනවා වගේ වැඩක්.

  20. Sarath Bulathsinghala says:

    At least in the future the Government should not be making such idiotic appointments. What experience and capabilities does an ageing actor have to manage an important appointment such as the Governor of the Western Province?

    It should go to a capable administrator who has practically handled large scale logistical operations. No amount of book learning nor popularity can be a substitute for these qualities. Sri Lanka is experiencing a war-like situation that demands this kind of experience and discipline.

    It is good that the President has finally appointed somebody who nearly has that experience. We salute Mr Ravindra Randeniya for refusing to accept the post understanding his capabilities as well as his frailties. Thank you Mr Randeniya.

    Meanwhile we implore the President not to give in to popular politics!

Main News