රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…
February 8, 2021 at 1:20 pm | lanka C news
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2014 වසරේ වරාය පරිශ්‍රයට අයුතු ඇතුළු වීමක් කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙනි.
රවි කරුණානායක මහතාට අමතරව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇතුළු හය දෙනෙකු මෙසේ නිදොස් කොට නිදහස් කරන ලදී.
2014 වසරේ ඔක්තොම්බර් මාසයේදී වරාය පරිශ්‍රය ජනාදිපතිවරණ පෝස්ටර් මුද්‍රණය කරන්නේ යැයි ලැබුණු තොරතුරක් මත එහි ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය හමුවේ මෙම චෝදනා ගොනුකර තිබිණි.
අපේ රතු සහසහෝදරවරුන්ගේ ආන්ඩුවේ මුදල් ඇමති නිදහස් උනාම කාටද ආඩම්බර.
කොච්චර උනත් අධිකරණය ස්වාධීනයි කියල මේකෙන් ඔප්පු වුනා.
මේවාගේ Lucky පොරක් …..කොහෙන් කොහොම ගියත් මොනවා කරත් පොර නිදහස් .
මූන් ඔක්කොම යාළුවො මල්ලි.
මීට රන්ජන් රාමනායක
බලාගෙන ගියාම අන්තිමට වෙන්නේ නිදොස් කොට නිදහස්????
we dont say any thing….
කිසිම දිනක දැවී නොයන වේගවත් ඉනිමක්. රෙස්පෙක්ට් හොදේ.
මහින්ද රාඡපකෂ “පල් හොරා” බලයේ සිටින තුරැ මහබැංකු හොර නඩයේ නායක රනිල් වික්‍රම,වඡිර, රවි,මලික්, “නාමල් රාඡපක්ෂගේ” අතිඡාත මිත්‍ර “අර්ඡුන මහේන්ද්‍ර මාමා බැනා” ඇතුඵ වණ සංහාරක රිෂාඩ්, ඡනසංහාරක සාපි සෙහාබ්ඩින් යන ඡාති ද්‍රෝහින්ට සැමදානීතියේ රැකවරනය.! පමණක් නොව මොවුන් මහඡන බදු මුදලින් සුවිශේෂ වරප්‍රසාද යටතේ පෝෂණය කිරමට මහින්ද,බැසිල්,නාමල් ක්‍රයා කරනු නිරිරීකෂනය කරනු ලබයි..!
අජිත්.පී.පෙරේරා, නලින් බණ්ඩාරත් නිදහස් වුන බව දැක්කෙ නැතෙයි? රිෂාඩ්ට දැනටත් එක නඩුවකින් දඩුවම් නියම වෙලා බව දන්නෙ නැතෙයි? සාෆිගෙයි, රිෂාඩ්ගෙයි අනික් නඩුත් තාම අහන බව දන්නෙ නැතෙයි?
මේක නඩුවක්ද?