රවි ඉවතට.. අලුත් විදේශ ඇමති තිලක් මාරපන..?
August 8, 2017 at 3:00 pm | lanka C news
හිටපු ඇමති තිලක් මාරපන මහතා නව විදේශ කටයුතු ඇමතිවරයා ලෙස පත් කිරීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.
දිගින් දිගටම එල්ල වන බලපෑම් හමුවේ වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතියිද වාර්තා වෙයි.
වත්මන් රජය යටතේ කලින් ඇමති ධුරයක් හෙබවූ තිලක් මාරපන මහතා ඇවන්ගාඩ් නඩුවේ චූදිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීව වැරදි යයි එලල් වූ චෝදනා මත ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.
මේ අතර තවත් ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ ඇමති සරත් අමුණුගගමට හෝ නවීන් දිසානායකට විදේශ ඇමති ධුරය ලබා දීමට ඉඩ ඇති බවයි.