රවි ඉවත් කරනු.. නැතොත් විශ්වාස භංගයට පක්ෂ වෙනවා..- එජාප මන්ත්රී පිරිසකගෙන් නායකත්වයට දැඩි බලපෑම්..
August 4, 2017 at 10:40 am | lanka C news
බැදුම්කර කොමිසමේදී දැඩි චෝදනා එල්ල වී ඇති මුදල් ඇමති රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉවත්කල යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට යෝජනා කිරිමට යයි.
එසේ ඉවත් නොකරන්නේ නම් ඇමති රවිට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බවටද ඔවුන් විසින් නායකත්වය දැනුවත් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ පිරිසිදු බව තහවුරු කල යුතු යයි කියන මෙම පිරිස අදාල යෝජනාව අද දින ඇතුලත ඉදිරිපත් කිරීමටද නියමිත බව පැවසෙයි.