රවි ඉවත් කලොත් අගමැති රනිල්, එජාපය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විපක්ෂයට..?
August 6, 2017 at 9:20 am | lanka C news
ඇමති රවි කරුණානායක මහතා අධිකරණයකින් වරදකරුවෙකු නොවී තිබියදී ඇමති ධුරයෙන් ඉවත් කලහොත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විපක්ෂයට යා යුතු යයි එම පක්ෂ ප්රබල ඇමතිවරුන් පිරිසක් යෝජනා කරයි.
මේ සම්බන්ධයෙන් අද හෝ හෙට දිනයේ පක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා මුණ ගැසී සාකච්චා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
යම් හෙයකින් බැදුම්කර චෝදනාවට ඇමති රවි කරුණානායක ඉල්ලා අස්සුවහොත් එය දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට බලවත් අවාසිදායක තත්වයක් බවත් එය එම චෝදනා පිලි ගැනීමක් බවට සමාජයේ මතයක් හැදෙනු ඇති බවත් ඔවුනගේ අදහසයි. ඇතැම්විට මෙම කොමිසම විසින් ඉදිරි දිනයකදී අගමැතිවරයාද කැදවා ප්රශ්න කර අපකීර්තියට පත් කිරීමේ ඉඩක් ඇති බවද ඔවුන්ගේ අදහසයි.
මේ තත්වය මත හොදම ක්රියාමාර්ගය වන්නේ ජනාධිපතිවරයා සමග තීරණාත්මක අවසන් සාකච්චාවක් පවත්වා අවසන් ක්රියාමාර්ගය ලෙස එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීම බවද මෙම ඇමති පිරිස සදහන් කරති.
Anduwata koheda nambu thiyenne?
හොඳම දේ තමයි කල් දදා ඉන්නෙ නැතුව චන්දෙ තියපල්ලා එතකොට ජනතාව මුන් ඉන්න ඕන කොහෙද කියල තීරණය කරාවි.
සිල් රෙදි බෙදීම, ප්රාදේශීය සභාවට යකඩ කනු දීම, වාහන අවභාවිතය,බරපතල වැරදි නම්,දවස් ගනන් සිර ගෙවල් වල සිටිය යුතු නම්, මේ කම්බ හොරාට කරන දේ මොකක්ද කියල ජනතාව බලාගෙන ඉන්නව.අනෙක ඔය එක හොරෙක් විතරයි තව කීයක් ඉන්නවද?
Ranil mahaththaya gaththe ithaama Honda theenduvak. Vipakshayata yanavadaa deshapaalanayenma ivathveema ithaama sudusu bava penei.