රවි කපාගෙන සජිත් කොලඹ එජාප නායකත්වයට.. මැදකොළඹ ආසනයත් බාරගන්න ලෑස්තියි.. හම්බන්තොට එජාප නායකත්වය ශ‍්‍රීලනිපය කඩාගෙන යන මීලග නායකයාට..

August 8, 2018 at 3:26 am | lanka C news
රවි කපාගෙන සජිත් කොලඹ එජාප නායකත්වයට.. මැදකොළඹ ආසනයත් බාරගන්න ලෑස්තියි.. හම්බන්තොට එජාප නායකත්වය ශ‍්‍රීලනිපය කඩාගෙන යන මීලග නායකයාට..

අගමැති රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, ඇමති සජිත් ප්‍රෙමදාස ආසන්න දිනයකදී කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී විශේෂ සාකච්චාවක් සිදු කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කය අතහැර කොළඹ දිස්ත‍්‍රික් එජාප නායකයා ලෙස හා මැද කොලඹ ආසන සංවිධායකයා ලෙස කටයුතු කිරීමට මෙහිදී එකග වී ඇති බවද සදහන්ය.

ඉන් පසු හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය දැනට ශ‍්‍රීලනිපය නියෝජනය කරමින් ආණ්ඩුවේ ඇමති දුරයක් දරන එම පළාතේම වෙනත් අයෙකුට ලබා දීමට යෝජනා වී ඇතැයිද දැක්වෙයි.

කොළඹ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන සදහා තම නියෝජිතයන් දෙදෙනෙකු බැගින් යෙදවීමටද ඇමති සජිත් පේ‍්‍රමදාම කර ඇති ඉල්ලීමට එකගතාවය ලැබී ඇතැයිද වාර්තාව කියයි.

මේ තත්වය මත ඉදිරියේදී බොහෝ දුරට කොළම දිස්ත‍්‍රික් එජාප නායකත්වය රවි කරුණානායක මහතා අතින් ගිලිහෙනු ඇතැයිද වැඩි දුුරටත් සදහන්ය.

86 views
Main News