රවි කරුණානායකට යලිත් ඇමතිකමක්.. රහසින්ම වැඩත් බාර ගනී..

August 26, 2017 at 10:50 pm | lanka C news
රවි කරුණානායකට යලිත් ඇමතිකමක්.. රහසින්ම වැඩත් බාර ගනී..

බැදුම්කර කොමිසමේදී හෙලි වූ කරුණු හේතුවෙන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායක මහතාට කැබිනට් බලතල සහිත ඇමති ධුරයක් හා සමාන තනතුරක් ලබා දී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙම නව තනතුර ස්ථාපිත කර ඇත්තේ කැබිනට් මණ්ඩලයට පිටින් වන අතර ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ට උදෙස් දීම සදහා අගමැතිවරයා විසින් ඔහුට බලය ලබා දී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

මෙම නව ධුරයේ කටයුතු කරුණානායක මහතා විසින් සිදු කරමින් සිටින්නේ අරලියගහ මන්දිරයේ අංක 105 දරන කාමරයේ සිට බවද වැඩි දුරටත් සදහන්ය. Link

67 views
Main News