රවි කරුණානායක අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නියෝග නිකුත් කෙරේ..

March 6, 2020 at 6:33 pm | lanka C news
රවි කරුණානායක අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නියෝග නිකුත් කෙරේ..

හිටපු ඇමැති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන්, පර්පච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන අලෝසියස්, එහි ප‍්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන්නැයි කොටුය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් ඇතුළු 11 දෙනෙකු අධිකරණයෙන් ලබා ගන්නා වරෙන්තු නියෝගයක් මත අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති වරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ ඉල්ලීමට අද දිනයේ මෙම තීන්දුව ප‍්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් 10 වන සැකකරු අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි නැති බව කියමින් ඔහුට විරුද්දව වරෙන්තු නිකුත් නොකලේය.

මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට අදාලව මෙම පිරිසට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

24,519 Viewers

9 Comments to “රවි කරුණානායක අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නියෝග නිකුත් කෙරේ..”

  1. Tngo says:

    10 weniya Satosa Gilaa. RAVi KARUNANAYAM nemi nana athie.

  2. kawinda says:

    hesha, kaawinda, harshana, maanapperuma, rahuman, marikkar, hector weni deshapaalana anda balayo TV wedasatahan waladi ke gehuwa. den un tika mokada kiyanne.? aanduwe kauruth atha powanne nehe. denui neethiya akurata kriyaathmaka wenne. mahamolakaru thawa noba dinakin ganna bawa maadya kiyanawa. api e dinaya enathuru balaa innawa.

  3. sunimal says:

    මහබැංකු මගඩියේ ප්‍රධාන සැකකරු රනිල් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?

    • ගොන්ජන් says:

      උඹට පිස්සුද? රනිලව අත්අඩංගුවට ගන්න යෑම ඇ# දෙකත් නැති වෙන වැඩක් කියලා මේ හැම එකාම දන්නවා…දැක්කනේ රනිල්ව අගමැති කමෙන් අයින් කරන්න ගිහිල්ලා වෙච්ච දේ..අන්තිමට අගමැති කමෙන් අයින් වෙන්න වුනේ කාටද…රාජපක්ෂට.

  4. Adi(muthu)karanaya says:

    Will arrest, grant bail?

  5. Madushanka says:

    දැන් රවියට නඩු දාල බන්ධනාගාර රෝහල් ආතල් නොදී හිර දඩුවම් දෙයි කියල බලාඉන්න මෝඩ බයි ජනයා පවු.චන්ද ආතල් ඇරඹුනා.

  6. gota says:

    Ravi k and ranil w are clean people. Not like Mahinda theif.

  7. nihal says:

    ෂුවර් එකටම එල්ලල මරයි

  8. Podda says:

    General election 2020

    Hira bath naatakaya arabunaa. Chande ewara wenakan pamanayi