රවි කරුණානායක අද බැදුම්කර කොමිසමේ.. ප්‍රභූ පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන අතිශය වැදගත් රහස් හෙලි කිරීමට සුදානම්…

August 2, 2017 at 9:20 am | lanka C news
රවි කරුණානායක අද බැදුම්කර කොමිසමේ.. ප්‍රභූ පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන අතිශය වැදගත් රහස් හෙලි කිරීමට සුදානම්…

2015 ජනවාරි 8 වෙනිදා මෙරටේ සිදු වු පාලනයේ වෙනස්කම් සමඟ යහපාලනය බිහිකිරීමට යැයි පවසා පැමිණි පාර්ශ්වයන්ගෙන් 1948 නිදහසෙන් පසු සිදු වූ බරපතළම රාජ්‍ය දූෂණය ලෙස මහා බැංකුවේ සිදු වු බැදුම්කර මගඩිය ඉතිහාස ගතවනු ඇත. මීට පෙර ආණ්ඩුව සිටි නොයෙකුත් පාර්ශවයන්ට දූෂණ චෝදනා එල්ල වුවත් මෙවැනි ආකාරයෙන් කිසිම ලැජ්ජාවකින් බියකින් තොරව රාජ්‍ය බලය යොදා පෞද්ගලිකව තම තමන්ගේ සුඛ විවරණය සඳහා මහජනතාවගේ මුදල් කෙලින්ම සාක්කුවේ දාගත් පාලකයෝ ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නොමැත.

අද වනවිට එදා සමාන්‍ය මධ්‍යම පාන්තියෙකුට 9% ට වාර්ෂික පොලියට ගත් නිවාස ණය 16% දක්වා ඉහළ ගොස් ය. ත්‍රීවීලර් එකේ සිට මගීන් ගෙන යන බස් රථ සඳහා ලීසිං වාරිකය එදාට වඩා 25% ඉහළ ගොස් ය. ඩොලරය 132 සිට 156 දක්වා ඉහළ ගොස් ය, එපමණක් නොව අර්ථසාධක අරමුදලේ සමාජිකයින් සඳහා ලැබෙන වාර්ෂික පොලිය ලාභයක් ලෙස පර්පෙචුවල් සමාගම ගසා කාලය. මේ හැම දේටම හේතුව මහා බැංකුවේ සිදු වු එහි අධිපති සහ ඔහුගේ බෑනාගේ ගසා කෑමය.

මහා බැංකුවේ බැදුම්කර වංචාව ගැන සොයා බලන කොමිසම ඉදිරියේදී අද දින පෙරවරු 9.30 සාක්ෂි දිම සඳහා කොමිසම නියෝග කොට ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය මෙන්ම වර්තමාන විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට පැමිනෙන ලෙසයි. මේ සඳහා ජනාධිපති නීතිඥවරයෙකුගේ උපදෙස් මත නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ මඩුල්ලක් අමාත්‍යවරයා වෙනුවෙන් අද දින පෙනි සිටිමට නියමිතය.

මෙම කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍යවරයා විසින් කිසිවෙකු බලාපොරොත්තු නොවන ආකාරයේ තොරතුරු කිහිපයක් මෙන්ම බැදුම්ඊකර වංචාවට සම්බන්ධව පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන වැදගත් සාක්ෂි කිහිපයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම බැදුම්කර වංචාව සිදුවන අවදියේ සිටි මහා බැංකුවේ අධිපතිවරයා වන සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් පත්කොට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මෙන්ම මෙම වංචාව සිදු වනවිට මහා බැංකුව අයත් වූයේ රවි කරුණානායක මහතා භාරව සිටි මුදල් අමාත්‍යාංශයට නොව අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ආර්ථික කටයුතු අමාත්‍යාංශයට ය.

– FB

119 views

3 Comments to “රවි කරුණානායක අද බැදුම්කර කොමිසමේ.. ප්‍රභූ පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන අතිශය වැදගත් රහස් හෙලි කිරීමට සුදානම්…”

  1. PISSUPOOSA says:

    YAMAPALANA corrupt ivestgator Sun VIDYALANKARA new only collecting money by inition of fear, and getting statements for his stories written by AG’s Dept. MUSITH-THUDALIGE.But these are real and true robbery of public funds. We must ensure culprits of YAMAPALANA Robbers to be take to task

  2. Chelan says:

    Sri lanka will be a debt free country in the coming days.All credit to citizens of mother lanka…

    • R says:

      Who is this fool. The national debt is increasing day by day not decreasing. This fellow must be having a dream or a dram depending on the time of day.