රවි කරුණානායක ඇමතිකමින් ඉවත් කිරීම ඉදිරියේ පවතින කටයුත්තක්..- රාජිත කියයි..

August 5, 2017 at 3:50 pm | lanka C news
රවි කරුණානායක ඇමතිකමින් ඉවත් කිරීම ඉදිරියේ පවතින කටයුත්තක්..- රාජිත කියයි..

හෘද රෝග සැත්කම් සදහා භාව්ත කරන ස්ටෙන්ස් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ගම්පහ ව්ද්‍යාරවීන්ද්‍ර පිරිවෙනේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව වෙළෙදපොලේ රුපියල් 75,000 කට අලෙවි වන ලෝහමය ස්ටෙන්ස් රුපියල් 24,000 ක් දක්වා මිල අඩු කර ඇත. රුපියල් ලක්ෂ 03 1/2 කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ස් මිල රුපියල් එක්ලක්ෂ 5000 දක්වා මිල අඩු කර ඇත. 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මෙම මිල නියාමනය සිදු කර තිෙබි. හෘද සැත්කම් සදහා මෙතෙක් වෙළෙදපොලේ ස්ටෙන්ස් අධික මිල ගණන් යටතේ අලෙව් කිරිම තුළින් හෘද රෝගීන් ගැටළු රැසකට මුහුණ දී සිටියහ. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ස්ටෙන්ස් මිල අඩු කිරිමට පියවර ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දී තිබුනි. ඒ අනුව මිල නියාමනය සිදු වන අතර, අද දින (05) සිට මෙම මිල ගණන් වලට ස්ටෙන්ස් වෙළෙදපොලේ අලෙවි වන්නේ දැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විමර්ශණයක් ද සිදු කරනු ලබයි. රජයේ රෝහල් වලට පැමිණෙන හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මීට පෙර පියවර ගෙන තිබුනි. ඉදිරියේ දී ඉතා අධික මිල ගණන් වලට අලෙවි වන ඖෂධ සහ උපකරණ මිල තව තවත් අඩු කර රෝගී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

වෙළෙදපොලේ ස්ටෙන්ස් අලෙව්කරන සමාගම් මෙම මිලට ස්ටෙන්ස් අලෙවි කළ යුතු බවත් පෞද්ගලික රෝහල් හෘද සැත්කම් සිදු කිරීෙමි දී භාව්ත කරන ස්ටෙන්ස් සදහා මෙම මිල අනුගමනය කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

ෙමි අතර මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැති ව්වාදය ඒකාබද්ධ ව්පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වර්ජනය කිරීම පහත් ක්‍රීයාවක් බවයි. කිසිවෙකු උත්සවයකට ආරාධනා කළ විට පක්ෂය, ජාතිය ආගම නොබලා ඊට සහභාගි ව්ය යුතුයි. එම සංස්කෘතික ලක්ෂණයක්. හිටපු ජනාධිපතිනියගේ කාලයේ දී අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහය වර්ජනය කිරිමට මන්ත්‍රීවරුන් උත්සාහ කළා. නමුත් මම ප්‍රකාශ කළා පාර්ලිෙමින්තු සම්ප්‍රධාය කඩ නොකර එම භෝජන සංග්‍රහයට සහභාගි ව්ය යුතු බව. මා සමග හිටපු ජනාධිපතිනිය ව්රුද්ධ වුවත් මම භෝජන සංග්‍රහයට සහභාගි වී සිටිම පිළිබද ඇය පුදුමයට පත් වුනා. එම නිසා පාර්ලිෙමින්තු සම්ප්‍රදායන්ට ගරු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති ව්ශ්වාසභංග යෝජනාව පිළිබද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඔිනෑම අභියෝගයක් බාර ගැනීමට රජය සුදානම් බව පැවසීය. රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම පිළිබද මාධ්‍යෙවිදීන් විමසු විට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එය ඉදිරියේ පවතින කටයුත්තක් බවයි

– ප‍්‍රසන්න අධිකාරී

32 views

6 Comments to “රවි කරුණානායක ඇමතිකමින් ඉවත් කිරීම ඉදිරියේ පවතින කටයුත්තක්..- රාජිත කියයි..”

  1. Karu says:

    ”රවිය පංඩිතයා. මං වගෙම දෙපිට කාට්ටුවා. ඒත් මෝඩයා.කෝ මං ගියා ඕවට?”
    -මිණීමරු ගරු ප්‍රා-ජිත.

  2. john the baptice says:

    රවී සමග රාජිත පන්නමු

  3. හම්බන්තොට වරාය සහ රටේ දේපල විකුනා ඒ මුදල් වලින් තාවකාලික බඩුමිල අඩුකර මෝඩ මහජනයා නැවත වතාවක් ගොනාට අන්ඳලා ඊලග මැතිවරනයකින් නැවත බලයට ඒමේ කූට අරමුනේ මුල්ම මිල බැස්වීමද මේ පටන් ගත්තේ

  4. PISSU PUSHA says:

    PRAA LEADER STAVING FOR HUMAN FLESH

  5. P. Chang Hutang says:

    “අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැති ව්වාදය ඒකාබද්ධ ව්පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වර්ජනය කිරීම පහත් ක්‍රීයාවක් “.
    කුලියාපිටියේ වොල්ක්ස්වැගන් කර්මාන්ත්ශාලාවෙත් හොරණ ටයර් කර්මාන්ත ශාලාවෙත් ගුගල් ලූන් ව්‍යාපෘ තියේත් සාර්ථකත්වය ඉවසා ගත නොහැකි තරම් කුහක වීම හා ඊර්ෂ්‍යාව ඔවුන් ඒවැනී පහත් ක්‍රියාවක් සඳහා පොළබවා ඇත.

    • Pravenidasa says:

      සම්පුරන ඇත්ත!
      මුං ඉරියාවෙ පැලෙනව සංවර්දන වේගෙට!

      🙂

Main News