රවි කරුණානායක ඉල්ලා අස්වෙයි..? විදේශ ඇමති ධුරය නවීන් දිසානායකට..?

August 5, 2017 at 10:00 am | lanka C news
රවි කරුණානායක ඉල්ලා අස්වෙයි..? විදේශ ඇමති ධුරය නවීන් දිසානායකට..?

එල්ල වී ඇති චෝදනා හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව හේතුවෙන් ඇමති රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් මෙහෙවන බව කියන පුවත්පතක් වාර්තා කරයි.

එජාප හා ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසක් විශ්වාස භංගයට ඡන්දය භාවිත නොකිරීමට හෝ පක්‍ෂව ඡන්දය දීමට තීරණය කර තිබීම හේතුවෙන් එජාපයේ ගෞරවය වෙනුවෙන් ඇමතිවරයා ඇමති ධුරය අතහරිනු ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

රවි කරුණානායක මහතා ඉල්ලා අස්වුවහොත් පුරප්පාඩු වන විදේශ ඇමති ධුරය සදහා ඇමති නවීන් දිසානායක පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද එහි සදහන්ය.

කෙසේ වෙතත් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් කියා සිටින්නේ මෙතරම් බරතපල චෝදාන එල්ල වී ඇති ඇමති රවි කරැණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම වරදට දඩුවමක් නොවන බවත් වහා ඔහුට විරුද්දව නීතිව ක‍්‍රියාත්මක කර පොදු දේපන පනත හෝ මුල්‍ය විශුද්ධිකරන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කල යුතු බවයි.

133 views

18 Comments to “රවි කරුණානායක ඉල්ලා අස්වෙයි..? විදේශ ඇමති ධුරය නවීන් දිසානායකට..?”

  1. CHANDA says:

    කෝ මේ හරක් විජේසූරිය මහා අනචාරියා… නිදි වැදිලද ?

  2. David Milli-Banda says:

    Ask to resign? No. Chase him away.

    CB Bond scam athay coat.

  3. chanda says:

    හරි හමන් නීතයක් සාධාරණත්වයක් රටේ තියෙනවනම් මේවා මෙච්චර දුරට ඇදී ඇදී කල්මර මර ඉඳීද ? රට කුනුවෙච්ච අඹ ගෙඩියක් වගේ දැන්.

    • Saradiel says:

      කියුම පෙනුම හෙට බුදු වෙන බෝසත්තු
      කෙරුම හරිය හරියට අර දෙව් දත්තු
      මෙහෙම දෙපිට වෙස් මුහුණක් බැඳ ගත්තු
      අයම තමයි අද ලක් මවගේ පුත්තු
      යහපාලන හොරු රැල පන්නා දැමීමට කාලය ඇවිත් ..කෝ මේ රටේ ජනතාව තාමත් නිදිද ?

  4. darshani says:

    යහපාලන ආණ්ඩුව ගැන සතුටු විය හැකි කාරනයක් මෙතුමාට නීතිය ක්‍රියාත්මක කර අතඩ0ගුවට ගන්නවනම්…ඇත්තටම පසුගිය රජය කාලේ මහින්ද කලේ හැමෝගෙම ෆයිල් හ0ගගෙන හොරිනුත් ආරක්ෂා කරල තමනුත් හොදහැටි හොරා කාපු එකනෙ…මේකෙන් පැහැදිලිවම කියන්න පුලුවනි යහපාලනය ජනතාවදියි කියන එක

Main News