රවි කරුණානායක ‘මහපොළ’ට කෝටි 250ක් පාඩු කරලා..- විජේදාසගෙන් චෝදනා..

September 4, 2018 at 11:20 am | lanka C news
රවි කරුණානායක ‘මහපොළ’ට කෝටි 250ක් පාඩු කරලා..- විජේදාසගෙන් චෝදනා..

රවි කරුණානායක මහතා (2001 – 2004) වෙළෙඳ කටයුතු විෂය භාර ඇමැතිවරයා ලෙස සිටියදී “මහපොළ” භාර අරමුදල කළමනාකරණය කිරීමට උප සමාගම් දෙකක් ස්ථාපිත කිරීම හේතුවෙන් රුපියල් කෝටි 250ක පාඩුවක් “මහපොළ” අරමුදලට සිදුවී තිබේ.

පසුගිය 2001-2004 රජය කාලයේ “නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ්” සහ “නැෂනල් වෙල්ත් සිකියුරිටිස්” යන ආයතන දෙක ස්ථාපිත කොට තිබුණේ “මහපොළ” භාර අරමුදල කළමනාකරණය කිරීම සඳහා බව පවසමිනි. එහෙත් එම සමාගම් ඇති කිරීමේ අවශ්‍යතාව තමන් නොදන්නා බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා (31දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

එම සමාගම් 2 නඩත්තු කිරීමට විශාල මුදලක් යෙදවීමට සිදුවීමත් එම පාඩුවට බලපා ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. “මහපොළ” අරමුදල බදුවලින් නිදහස් කොට තිබුණත් ඉහත කී සමාගම් 2 ඔස්සේ ආයෝජන කොට ආදායම් ලබා ගැනීම නිසා රුපියල් මිලියන 500කට අධික මුදලක් “මහපොළ” අරමුදලින් ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බව නිගමනය වී ඇතැයිද හෙතෙම කීය.

වසර 15ක් තිස්සේ එම අලාභයන් සිදුවී ඇති නිසා නීතිපතිගේ උපදෙස් අනුව නීතිමය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත් බවද හෙතෙම කීවේය.

“මහපොළ” භාරකාර මණ්ඩල හිමිකාරිත්වය යටතේ මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය ස්ථාපිත කොට ඇත්තේද එම අරමුදලට මුදල් ලබා ගැනීම සඳහායි.
ඒත් 2015 සිට එය තනිව කළමනාකරණය කිරීමට රජය තීරණය කොට ඇත. ලලිත් ඇතුලත්මුදලි මහතා ශිෂ්‍යත්ව අරමුදල ස්ථාපිත කරන විට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස අගවිනිසුරුවරයා සිටිය යුතු බවට සඳහනක් කොට ඇත. එහෙත් “ස්ලිට්” ආයතනය රජය තීරණය කොට ඇත්තේ “මහපොළ” අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වා එහි නීත්‍යනුකූල අනුමැතියක් ලබා ගැනීමකින් තොරවයි.

මේ අතර “මහපොළ” ශිෂ්‍යත්ව අරමුදල ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස නම් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබිණි. ඒ අනුව 1981 අංක 66 දරන මෙම පනත සංශෝධනය කිරීමටද නියමිතය. ඊටද “මහපොළ” අරමුදලේ අනුමැතිය ලබාගෙන නොමැත. එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් නොපැවැත්වීම ඊට හේතුවී තිබේ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, නෙට්වෙල්ත් කෝපරේෂන් සහ නෙට්වෙල්ත් සිකියුරිටිස් සමාගම් දෙකම මහ බැංකු බැඳුම්කර අලෙවිය සඳහා ද්විතීයික වෙළෙඳ පොළක් ලෙසද භාවිත කොට තිබේ.

සමස්ත අලාභයෙන් ‘මහපොළ’ අරමුදලට සිදුවූ රුපියල් කෝටි 250 අලාභයට අයත් කෝටි 60ක් අහිමිවී ඇත්තේ එම ද්විතීයික ගනුදෙනු නිසා බව ‘මහපොළ’ අරමුදලේ උසස් නිලධාරියෙක් පැවැසීය.

– mawbima

39 views

5 Comments to “රවි කරුණානායක ‘මහපොළ’ට කෝටි 250ක් පාඩු කරලා..- විජේදාසගෙන් චෝදනා..”

  1. Yojimbo says:

    Eru eru !! Tho mata gahanawa. Mata tho gahanawa.

  2. FILM STAR says:

    Ammapa…………………….This is the fellow who got award for the best finance minister ???? Is it.

    Well done…..Most efficient ministers…..We need more…..
    This is what is called Karma…… Me athmedima paladeela windawapiyaw….Pawl pitinma Windawapiyaw.. Kalakanni…

  3. Raawanaa says:

    mahapola nirmaathruge salli walata kelapu eke, okath kajjakda?

  4. Wijebahu says:

    Raviya Asias’s best finance minister but Sri Lanka’s number one rogue! Ha, ha, ha!!!

  5. Gorilla says:

    Karupayiya is finished at least for now. Next time his loyal voters will send him to the parliment again.
    Ranil and his gang Will follow the same fate. This country needs a very good dictator soon. If cannot leaving is the best option

Main News