රවි කොමිසමට කැදවන්න තිබුණු හදිස්සිය මාව කැදවන්න නෑ.. මාව නොකැදවුවොත් කොමිසමට නඩු දානවා..
August 29, 2017 at 1:20 pm | lanka C news
‘මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධ ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙන්න ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වෙලත් මාව කැදවන්නේ නෑ’ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම හේතුවෙන් නිවාස හානී වූවන් 68 දෙනෙකු සදහා රුපියල් මිලියන 212 ක වන්දි මුදලක් බෙදා දීම වෙනුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
‘මීතොටමුල්ල කස කන්ද කඩා වැටීම ගංවතුර වගේ ස්වභාවික ආපදාවක් නොවන නිසාත්, සාලාව වගේ අත් වැරදීමක් නොවන නිසාත් රජයට විශාල වැඩකොටසක් මේ වෙනුවෙන් කරන්න තියෙනවා. මේ සිදුවීම සම්බන්ධව මීට මාස 02 කට පෙර ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ කොමිසමෙන් මට කැදවීමක් නොලැබුනත්, මං මේ කසල කන්ද සම්බන්ධව පත් කරලා තියෙන ජනාධිපති කොමිසමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුනා මගේ පැත්තෙන් කරුණු කියන්න මට අවස්ථාවක් දෙන්න කියලා මොකද මේකට වග කියන අය අනිවාර්යයෙන්ම දඩුවම් ලබන්න ඕනේ හිරේ යන්න ඕනේ කියලා. මගේ ගාව තියෙන ෆයිල් එකේ තියෙනවා කවුද මේකට වැරදි කියලා හරියටම හොයාගන්න පුළුවන් තොරතුරු. මට හරි පුදුමයි දැන් මාස මාස දෙකක් ගිහිල්ලත් ස්වේඡාවෙන් ඉදිරිපත් වෙලත් මාව කැදවන්නේ නැති එකට. හැමදාම වෙලාවක් දෙන්නම් කියලා ඉන්නවා. නමුත් බැදුම්කර සම්බන්ධ ජනාධිපති කොමිසමට රවී කරුණානායක මහත්තයාව ගේන්න පුදුම තදියමක් තිබුණා. මං තව මාසයක් බලනවා ඒ කොමිසමේ අවස්ථාවක් දුන්නේ නැතිනම් ශ්‍රේෂ්ඨාධීකරණයේ නඩු පවරනවා මේ වැරදි කාරයින්ට දඩුවම් දෙන්න ඒක අනිවාර්යයෙන්ම කරනවා මං’ යැයි පැවසීය.
– මිනුර රෂාන්ත