රවි ගේ කැබිනට් පත‍්‍රිකාවක් මංගල ප‍්‍රතික්‍ෂෙප කරයි.. කෝටි 36කට ගොඩනැගිල්ලක් කුලියට ගන්න යයි..

July 17, 2019 at 10:00 am | lanka C news
රවි ගේ කැබිනට් පත‍්‍රිකාවක් මංගල ප‍්‍රතික්‍ෂෙප කරයි.. කෝටි 36කට ගොඩනැගිල්ලක් කුලියට ගන්න යයි..

විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට මුදල් ඇමති මංගල සමරවීර මහතා විරෝධය පළකර තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙන සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසයි.

දැනට එම අමාත්‍යංශය පවත්වාගෙන යන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ල ද වන අතර වර්ග අඩි 19800ක් සහිත එම ගොඩනැගිල්ලට වර්ග අඩියකට රුපියල් 74 ක් බැගින් මාසික කුලී මුදලක් ගෙවයි.

නමුත් නවම් මාවතේ නව ගොඩනැඟිල්ලට ගෙන යාමට යෝජනා කර ඇත්තේ වර්ග අඩි 44000ක ඉඩක් සඳහා වර්ග අඩියකට රුපියල් 260 බැගින් මාසික කුලියක් ගෙවීමට යෝජනා කරමිනි.

එම ගොඩනැගෙන ලබා ගැනීම සඳහා වසරක ඇප මුදල් ලෙස රුපියල් මිලියන 138ක් හා මාස පහක කුලිය එකවර ගෙවීමට තවත් රුපියල් මිලියන 206ක්, ගොඩනැගිල්ල ඇතුළු සකස් කිරීම සඳහා රුපියල් මිලියන 20ක් ද ආදී ලෙස රුපියල් මිලියන 364ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබින.

27,969 Viewers

11 Comments to “රවි ගේ කැබිනට් පත‍්‍රිකාවක් මංගල ප‍්‍රතික්‍ෂෙප කරයි.. කෝටි 36කට ගොඩනැගිල්ලක් කුලියට ගන්න යයි..”

  1. Gayantha says:

    මේ වගේ හොර තාක්කඩින්ට ගල් ගහන්න ඔන දුටුතැන. මොහුට විරුද්ධව විශ්වාසබන්ගයක් ගෙනාඅයුතුය.

    මේ වගේ සල්ලි නාස්ති කරමින් බද්දට ඉන්නේ නැතුව එකවර මුදල් යොදවලා අලුතෙන්ම බිල්ඩිමක් ගහන එකයි කලයුත්තේ. ඒකට අනිත් මහජන නියෝජිතයෝ සහ රටේ ජනයා බලකලයුතුය.

  2. gamarala says:

    ඌත් හොරා මුත් හොරා

    • මහරජ කිංබානට් says:

      ඇයි යකෝ මම? මාත් නොම්මර එකේ හොරෙක් තමා…

  3. සිංහලයා. says:

    Upathinma hora kamata bihi wechcha un. Mahajana ape bath ate idan gaahana badu udal.

  4. Banula says:

    Why waste this much of money to maintain a ministry that is running at a loss? How can we develop this country. Ministry should be allocated funds only based on the profitability….if this is done then these greedy politicians won’t fight for ministries.

  5. HENA says:

    ravi ya awoth sudda karannamai hitha..kalakanni deshapaluwo..rata ugasata thabai..

    hamaniiyan..banga weyan…hathikare ekkama…

  6. Gone gota says:

    Well done mate!!!!

  7. Gone gota says:

    Ane me Rajapaksalanum horu nowai harida….

  8. බන්ඩා says:

    ඇලෝසියස් ගෙ බැඳුන්කර හොර සල්ලි වලින් ගෙවල් කුලියට අරන් ගසා කාපු රවියාට බිල්ඩිං. තුලියට අරන් ගසා කන එක සිම්පල්

  9. asitha says:

    20% කොමිස් මුදල්

Main News