රවි ටිකක් ගනී.. ගයන්ත ඉතුරු ටික ඉල්ලයි.. ඇමති මංගලට කිසිත් ඉතිරි නොවන හැඩ..

May 26, 2017 at 6:38 am | lanka C news
රවි ටිකක් ගනී.. ගයන්ත ඉතුරු ටික ඉල්ලයි.. ඇමති මංගලට කිසිත් ඉතිරි නොවන හැඩ..

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්‌ථාව, චිත්‍රපට සංස්‌ථාව, රජයේ මුද්‍රණාලය තම අමාත්‍යංශයට පවරා දෙන්නැයි ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවට දිනපතා පුවත්පත් කිහිපයක්ම වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ අගමැතිවරයා සමග සාකච්චා කර මේ ගැන තීරණයක් ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ඇමති ගයන්ත කරුණාරත්න මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් කියා සිටියේ තමන් කලින් අමාත්‍යංශයේ ආයතන ඉල්ලා ඇතැයි පලවන වාර්තා අසත්‍ය බවයි.

මේ අතර හිටපු මුදල් ඇමති රවි කරුනානායක මහතාද ලොතරැයි මණ්ඩල දෙක, මහපොල අරමුදල, රාජ්‍ය වැවිලි සමාගම් ආදියද තම අමාත්‍යංශය යටතට පවරා දෙන ලෙස ඉල්ලා ඇත.

මේ ඉල්ලීම් ඉටුවුවහොත් නව මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා වන මංගල සමරවීරට කිසිදු ආයතනයක් ඉතිරි නොවන තත්වයකට පත්ව තිබේ.

11,377 Viewers

3 Comments to “රවි ටිකක් ගනී.. ගයන්ත ඉතුරු ටික ඉල්ලයි.. ඇමති මංගලට කිසිත් ඉතිරි නොවන හැඩ..”

  1. බන්ඩය්යා says:

    නියමය් නියමය්. ය(ජ)හපාලනය විසින් ‘සයන්ස්ටෆිික්’ ක්‍රමයට අමාත්‍යංස බෙදනවා.

  2. ජසයා says:

    ඇයි? මහලේකම් කාර්යාලයේ ගෙිඩනැගිලි ටික තියෙන්නේ…

  3. Lapaya says:

    Mudal amathyanseta mona ayathnada kollek dennek hititanam e athi paluwa gewa ganna.

Main News