රවි මහත්තයෙක් නම් ඉල්ලා අස්විය යුතුයි.. ඔහු නිසා අපටත් ඉන්න විදිහක් නෑ..
July 31, 2017 at 3:00 pm | lanka C news
මහ බැංකුවේ බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ල වී ඇති ඇමති රවී කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටී.
එල්ල වී ඇති චෝදනා ගැන පරීක්ෂණ අවසන් වන තෙක් ඉල්ලා අස්වී නියම මහත්මා ගතිගුණය ඇත්නම් පෙන්විය යුතු යයිද පවසන ඇමති දයාසිරි එසේ නොකිරීම නිසා ආණ්ඩුවේ සෙසු පිරිසද අපහසුතාවයට පත්ව සිටින බව සදහන් කරයි.
ඇමතිවරයා මේ අදහස් පල කලේ කුරුණැගලදී පැවති ජන හමුවක් අමතමිනි.
මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ සියල්පන්ටම දඬුවම් දිය යුතු යයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.