රවි මුදල් ඇමති කාලයේ දූෂණ ගැන වහා පරීක්ෂණ අරඹයි.. ආණ්ඩුවේ සියළු චෝදනා රවිට පටවයි..

May 31, 2017 at 10:40 am | lanka C news
රවි මුදල් ඇමති කාලයේ දූෂණ ගැන වහා පරීක්ෂණ අරඹයි.. ආණ්ඩුවේ සියළු චෝදනා රවිට පටවයි..

වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා සිටියදී එල්ල වූ දූෂණ වංචා චෝදනා සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙස ආණ්ඩුවේ බලවතෙක් උපදෙස් දී ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක සම්බන්ධව ලැබි තිබූ චෝදනාවන් සම්බන්ධව වහාම විමර්ශන ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ යහපාලන ආණ්ඩුව වෙත එල්ලවී ඇති චෝදනා සියල්ලම හිටපු මුදල් අමාත්‍යවරයා පිට පටවා ආණ්ඩුවේ නිර්දෝශිභාවය ජනතාවට ඒත්තු ගැන්වීම බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරින් මෙන්ම ගම්පහ ප්‍රදේශයේ තරුණ මන්ත්‍රීවරයෙකු හරහා හිටපු මුදල් අමාත්‍යවරයා ඉවත්කිරීමට හේතුව ඔහු විසින් දූෂණ වංචා කිහිපයකට සම්බන්ධ වූ බවත් ඒ ආකාරයෙන්ම තවත් අමාත්‍යවරු තිදෙනකු ඉදිරියේදී ඉවත් කරන බව මේ වනවිටත් ප්‍රසිද්ධියයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත. තරුණ මන්ත්‍රීවරයාගේ මෙන්ම සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යායාපරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරියගේ ඉහත චෝදනා සම්බන්ධව ආණ්ඩුව මුනිවත රකී.

එමෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයාගේ කාලයේ සිදු වි ඇතැයි කියන චෝදනා සම්බන්ධව අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ඉහළ නිලධාරින් කිහිප දෙනෙකු ප්‍රශ්න කිරීමටත් ඉදිරි දින කිහිපය තුල වැඩ තහනමකට හෝ මුදල් අමාත්‍යාංශයන් ඉවත් කිරීමටත් අවශ්‍ය කටයුතු කරමින් සිටින බව සදහන්ය.

මීට අමතරව වරාය අමාත්‍යාංශයේ සිදු වි ඇති මහා පරිමාණ දූෂණයන් සම්බන්ධව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇත්තේ එම අමාත්‍යවරයා ඉහළට ඔසවා තැබු හිටපු දේශපාලන බලවතියකගේ උපදෙස් අනුව බවද වාර්තා වෙයි.

76 views

8 Comments to “රවි මුදල් ඇමති කාලයේ දූෂණ ගැන වහා පරීක්ෂණ අරඹයි.. ආණ්ඩුවේ සියළු චෝදනා රවිට පටවයි..”

  1. ජසයා says:

    කෙලියා තාප්පෙට ම….!!!

    • Sujatha Senaratne says:

      ඊටත් වඩා හොඳයි දැැන්මමම විපක්සෙට ගිිහිං වාඩිවෙලා ආාන්ඩුුව පෙරලලා දාලා ඊලඟ ආන්ඩුුවෙ රජයේ් සාාක්කි කාරයෙක් වෙන එකක

  2. ජසයා says:

    කෙලියාාාා තාප්පෙට ම….!!!!

  3. kamalsirikuruwita says:

    බොරු රංග පෑම් විතරයි . ඔය කියන බලව්තිත් branded මහා හෙරක් නේද? හොරු කොහොමද හොරු අල්ලන්නේ. ඔය ඇවිල්ල හැමදාම අන්දන ඇන්දිල්ලම තමයි. ක්රෝට න් කොළ කන පුන්නක්කු බොන සෙට් එකනම් ඇන්ඳෙන්න හරිම කැමතියිනේ. කොහොම වුනත් රවී ඔය කොයි ලොක්කත් ලොක්කිටත් වඩා බලවත් .

  4. Karu says:

    ඕව නිකං බොරු.අහල බලන්න මෝඩ පුතාගෙන්.

    • asaranaya says:

      මගේ ආදරබර මොන්ටිචොරු චතුර ලදරුවාගෙන් අහලා බැලුවා නම් හොඳ උත්තරයක් ලැබෙයි

  5. Alapaluwa says:

    ඔබට දැන් අභූත චෝදනා සහා දෝෂාරෝපණ පැමිණිනම්,ඔබ නිර්දෝෂ නම් කළයුත්තේ එකම එක දෙයයි එනම් සත්‍ය වමාරණ එක විතරයි. මහා බැංකුවේ අමු දවාලේ හොරාකාපු එකේ සිට පොඩි එකා දක්වා කාපු ඒවා වමාරන්න එවිට ඔබගේ පවු සුවල්පයකින් පාහවියාවී.මේය ඔබගේ පවු තුනී කරගන්න අවශ්‍යනම් පමණයි නැතිනම් ඒ සියලුදෙනාගේම පවු කරපින්නාගෙන අපාගත වෙන එකයි මේ දේකෙන් එකක් තෝරාගන්න.

  6. sena says:

    now he can cheat internationally

Main News