රවි මුදල් ඇමති කාලේ එජාප මන්ත‍්‍රීන් 15කට මාසිකව ලක්‍ෂ දෙකහමාරක් හා වාහනය බැගින් දීලා..

June 3, 2017 at 2:10 pm | lanka C news
රවි මුදල් ඇමති කාලේ එජාප මන්ත‍්‍රීන් 15කට මාසිකව ලක්‍ෂ දෙකහමාරක් හා වාහනය බැගින් දීලා..

රවි කරුණානායක මහතා මුදල් ඇමතිව සිටියදී එජාප පසුපෙල මන්ත‍්‍රීවරුනට මාසිකව ලබා දුන් ලක්‍ෂ දෙකහමාරක දීමනාව අත්හිටුවා ඇති අතර ලබා දී තිබූ වාහනද ආපසු ලබා ගැනීමට නව මුදල් ඇමති මංගල සමරවීර තීරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් මෙම දීමනාව ලබා ගත් එජාප පසුපෙල මන්ත‍්‍රීන් පහලොස් දෙනෙකුට වාහන ආපසු බාර දෙන ලෙස දැනටමත් දන්වා යවා ඇත.

මුදල් ඇමති ධුරයෙන් කරුණානායක මහතා ඉවත් නොකරන්නැයි දැඩිව ඉල්ලා සිටියේද මෙම මන්ත‍්‍රී පිරිස වන අතර අදාල වරප‍්‍රසාදය කපා හැරීමත් සමග එම පිරිස දැඩි අපහසුතාවට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

44 views
Main News