රවි වැඞ්ඩා..ආදායම් වැඩි කර ආර්ථිකය ගොඩ දැම්මා.. ඇමතිකම ඉවත් කරනවාට මං විරුද්දයි.. අගමැති කැබිනෙට්ටුවේ කියයි.. ඇමති මාරුව හබක්..

May 6, 2017 at 10:40 am | lanka C news
රවි වැඞ්ඩා..ආදායම් වැඩි කර ආර්ථිකය ගොඩ දැම්මා.. ඇමතිකම ඉවත් කරනවාට මං විරුද්දයි.. අගමැති කැබිනෙට්ටුවේ කියයි.. ඇමති මාරුව හබක්..

මුදල් ඇමති රවි කරුණානායක එම ඇමති ධුරයෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විරෝධය දක්වා ඇත.

මුදල් ඇමතිවරයා මේ වන විට රටේ ආදායම් ඉහල නංවා ආර්ථිකය තත්වය ස්ථාවර තත්වයට පත් කරමින් ඇති බව අගමැතිවරයා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති කැබිනට් හමුවකදීය.

එනිසා තමන් රවි කරුනානායක මහතාගේ ඇමති ධුරය වෙනස් කරන්න කග නැති බව අගමැතිවරයා පැවසීමත් සමග සිදුවන බව කියූ කැබිනට් සංශෝධනය අවිනිශ්චිත තත්වයට පත්ව ඇත.

රවි කරුණානායක මහතා විදේශ ඇමති ධුරයට පත් කර මංගල සමරවීර මහතා මුදල් ඇමති ධුරයට පත් කරන බවට මුලින් වාර්තා බොහෝ පල විය.

200 views
Main News