රවීගේ ප‍්‍රහාරයෙන් සජිත් පිල හතරගාතෙන් වැටේ.. ජනාධිපති වෙන්න කලින් O/L ප‍්‍රතිඵල පෙන්වන්නැයි ඉල්ලති..

June 27, 2019 at 3:26 am | lanka C news
රවීගේ ප‍්‍රහාරයෙන් සජිත් පිල හතරගාතෙන් වැටේ.. ජනාධිපති වෙන්න කලින් O/L ප‍්‍රතිඵල පෙන්වන්නැයි ඉල්ලති..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට සාමාන්‍ය පෙළ විභාගය පවා සමත් නැති පුද්ගලයකු බවට එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා විසින් එල්ල කරන ලද බරපතල චෝදනාව හේතුවෙන් එජාපයේ සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එලිපිට මත පල කිරීමට සූදානමින් සිටි බොහෝ දෙනකු තම මතය ප්‍රකාශ නොකර සිටීමට කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මේ අතර වූ ඌව පළාත නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයෙක් හා තවත් මැති ඇමතිවරුන් කොළඹදී කොළඹදී සාකච්ඡා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමත් වී ඇති මෙරට හෝ විදෙස් විභාගයන් හෝ අධ්‍යාපන මට්ටම ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා සිටීමටයි.

එසේ නොවන්නේ නම් අද පවතින දැනුවත් සමාජය ඉදිරියේ ඔහු වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීමට අපහසුතාවයක් ඇති වන බව බවද ඔවුන් අතර සාකච්ඡා වී ඇත.

25 views

35 Comments to “රවීගේ ප‍්‍රහාරයෙන් සජිත් පිල හතරගාතෙන් වැටේ.. ජනාධිපති වෙන්න කලින් O/L ප‍්‍රතිඵල පෙන්වන්නැයි ඉල්ලති..”

  1. Educational qualification would not be compulsory to lead a country. Need only a vision. President Premadasa was also a good leader who may not have so called paper qualifications. But unfortunately he had to govern the country with a terrible situation of North and South of the Island. Think about DS Senanayake a very good leader just passed Grade 5 at St Thomas College. Conversely think about Ranil Wickramasinghe who possess much paper qualifications. Is he a good leader who can address the people of this country though he has good knowledge in every subject. Can he get the peoples attraction ? At the moment Best candidate is Sajith Premadasa and also the best canidate for Gotabhaya Rajpakse is Ranil Wickramasinghe

  2. Nawodhi says:

    Biggest mistake JR made was nominated Premadasa as a Presidential candidate.If JR made Lalith or Gamini for that position Sri Lanka may be now very much developed country. Ranil also trying make same mistake like his uncle JR did.

  3. pilath says:

    Did D.S or Sirima have OL ?

    • ප්ලේටෝ says:

      A/L පාස් වෙලත් රස්සාවක් නැති, විශ්වවිද්‍යාල වරම් අහමි වූ ලක්ෂ ගනනක් වූ ඡන්දදායකයන්ට මෙය සංවේදි කරැණක්…රටේ O/L හා A/L පේල් කී දෙනෙක් ධන බලයෙන්,දේෂපාලන බලයෙන්,පවුල් බලයෙන් අයතා අන්දමින් ගත් උපාධි සහතික පෙන්වන රටක්ද මේක?
      A/L සමත්වී විශ්වවිද්‍යාල උපාධියක් දැරීම මෙවර අමතර සුදුසුකමක් ලෙස සලකමු.

  4. Open mind says:

    ඇත්ත ඒක නොවේ.හැබැයි OL නැති පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 94 සිටිතැයි කියැවේ. තමන්ට නැති සුදුසුකම් ඇතැයි කියන උන් ද සිටිනවා.

  5. Love nature says:

    අපි යන්නේ කොයි පාරේ නායකයා යන පාරේ

    ලංකාවේ ප්‍රථම අගමැතිතුමා වන ඩී.එස් සේනානායක මහතා 1884 වර්ෂයේ ඔක්තෝම්බර් 20 දා උපත ලැබූ අතර, කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයෙන් අටවන වසර දක්වා අධ්‍යාපනය හදාරන ලදි.

Main News