රවීට හීනය මෙවර සැබෑවෙයි.. නැවතත් ඇමති ධුරයක්..

July 16, 2018 at 2:10 pm | lanka C news
රවීට හීනය මෙවර සැබෑවෙයි.. නැවතත් ඇමති ධුරයක්..

එජාප උප නායක හිටපු ඇමති රවි කරුණානායක මහතා ඉදිරි දින කිහිපයේදී නැවතත් ඇමති ධුරයක දිවුරුම් දෙනු ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ගණනාවක වාර්තා පල කර ඇත.

කෙසේ වෙතත් මීට පෙරද අවස්ථා කිහිපයකදීම කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිවද එය මෙතෙක් ඉටු නොවීය.

බැදුම්කර කොමිසමේදී හෙලිදරවු වූ කරුණු හේතුවෙන් කරුණානායක මහතා කලින් දරන ලද ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

48 views