රවී ජනපති හමුවේ.. බැදුම්කරේ නොකී රහස් රැසක් හෙලි කරයි..
December 10, 2017 at 2:10 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර මගඩියට අදාල රහස් රැසක් හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල මහති මුණගැසී හෙලිදරවු කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
එම කරුණු බැදුම්කර මගඩියට අදාලව මෙතෙක් හෙලි නොවූ ඒවා යයිද වාර්තාවේ දැක්වෙයි.
බැදුම්කර මගඩිය සම්බන්දයෙන් තමනට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කරුණානායක මහතා සූදානමින් සිටින බවද එහි සදහන්ය.
මේ අතර රවි කරුණානායක මහතා සමාජ ජාලයක් වෙත වීඩියෝවක් මුදා හරමින් සදහන් කර ඇත්තේ මුදල් ඇමති ලෙස තමන් කටයුතු කලා වුවද මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු කිසිවක් තම පාලනය යටතේ නොපැවතුනු බවයි.
එනිසා බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් වගකීමක් තමනට නැති බවද ඔහු සදහන් කර ඇත.
වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොළයා පොරොන්දු උනාලු. රයිගමයා වෙළදාමට බුලත් රැගෙන ඒමටපොරොන්දු වූනෑලු ගම්පොළයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩක්ලු.. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොළලු. ඒ දෙන්නගේ වෙළදාමේ අලුත් තිර දර්ශනය 2017 සේනයි රවියයි ලු. අපට හිනා. රට හදන්න ඇවිල්ලා අපට කොළ හා ඊරිය ගෙඩි ගෙනැල්ලා උන් රට කනවා.
අනේ පවි රවි ගැන දුකත් හිතෙනවා.හංසයා පක්ෂයේ සභාපති සහ ලේකම් දෙන්නම රවිට ජංගිය ඇන්දුවා.රවිට ලැබුන අමාත්‍යාංශයේ හොඳම සභාපතිකමි දෙකම ගත්තා.ලිටිරෝ ගෑස් සහ ජාතික ලොතරැයි මණ්ඩලය.මාධ්‍ය වාර්තාවල හැටියට මුන් නියම ගේමිනෙ දීලා තියෙන්නෙ.මුන් දෙන්න ලලිත් ඇතුලත්මුදලිට සෙටිවෙලා හිටියට කවදාවත් ඔවැනි තනතුරැ දුන්නෙ නැහැ.රවි මුන්ට අහුඋනා.