රස්සා ජොගිය 03 – ‘අලූත් ජේලර්ලා ගන්නේ මගේ ලයිස්තුවෙන් පමණයි.. බැරි නම් අස්වෙනු..’ බන්ධනාගාර කොමසාරිස්ට ඇමති තග දායි..
November 18, 2016 at 10:40 am | lanka C news
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහා ජේලර්වරුන් 350ක් බදවා ගැනීමේදී ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි.
විධිමත් ලෙස විභාග පරීක්සණ පවත්වා ඉන් ඉහලින්ම සමත් වූ 350ක් ඇමති මණ්ඩලයේද අනුමැතිය මත සේවයට බදවා ගැනීමේ ලිපි ලියාපදිංචි තැපෑලෙන් යවා තිබියදී ඇමතිවරයෙක් විසින් අදාල ලිපි ආපසු කැදවා බදවා ගැනීම් අත්හිටුවන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැඩි බලපෑම් කරමින් ඇතැයි ආරංචි මාර්ග සදහ්න කරයි.
ඇමතිවරයා තදින්ම දන්වා ඇත්තේ බදවා ගන්නා බන්ධනාගාර නියාමකයින් 350 තම පක්ෂයේ තම ආධාරකරුවන්ම විය යුතු බවයි.
එසේ නොවන්නේ නම් බන්ධනාගාර කොමසාරිස්වරයාට ඉල්ලා අස්වන ලෙසද මෙම දේශපාලන බලවතා දන්වා ඇත.