රසායනික පොහොර ගෙන්වන්න අවසර දෙයි.. නමුත් පොහොර සහනාධාරය නෑ..

November 22, 2021 at 3:00 pm | lanka C news
රසායනික පොහොර ගෙන්වන්න අවසර දෙයි.. නමුත් පොහොර සහනාධාරය නෑ..

එලවලු, බඩ ඉරිගු, ධාන්‍ය වර්ග වැනි ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍යතාවය මත කෘෂිරසායන පෞද්ගලික අංශයේ හරහා පෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලදී.

තවදුරටත් රාජ්‍ය ප්‍රතිපත්තිය හරිත කෘෂිකර්මාන්තය බවද පැවසූ ජනාධිපතිවරයා කෘෂි රසායනික හෝ රසායනික පොහොර රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙක ලබා නොදෙන බවද තවදුරටත් සඳහන් කර තිබේ.

84,803 views

28 Comments to “රසායනික පොහොර ගෙන්වන්න අවසර දෙයි.. නමුත් පොහොර සහනාධාරය නෑ..”

  1. Goviya says:

    මේ ටික කරගන්න කිරිබත් කාපු තරමක්……

  2. සමන්ත says:

    බොහෝම සතුටින් අපි හිටියා අපේ දරුවන්ට වස විස නෙතිව එලවලු කන්න.මේ රටේ ඉන්න මන්ද්බුද්දික සජිත් ප්‍රෙමදාස ,අනුර කුමාර වෙනි රටෙ ජනතාවගේ සවුක්‍යට වඩා දෙශපාලන බලය වෙදගත් කොටසලකන මිනිස්සු සහ නූගත් මෝඩ ජනතාවගේ බලපේම නිසා වස විසනෙතිව ආහාර ලබාගන්න තිබුනු අනගි අවස්තාව මගහෙරුනා.ගෝටාභය ජනපතිතුමාට මිස වෙන කෙනෙක්ට මේ තීරණය නෙවත ගන්න බේ.ජයවෙවා අපේ ලමුන්ට ආයේත් වස දෙමු ස්තුතියි SJB, UNP,JVP,SLFP,SLPP (මෙටි පාර්ශ්වය)

    • podi ekaa says:

      කාබනික පොහොර යොදලා වවපු එළවලු දැනුත් කඩවල් වල් තියනවා ඇයි ගන්නේ නැත්තේ අනික් අයට බලෙන් ඕක කවන්න යන්නේ ඇයි.

      • Ashan perera says:

        Aha ehema podi pramanauak thibunama ganan wadi. Hamoma kabanika wagawa karanan ewa sulaba wela gana adu wenawa. Govi than karana minissu hari modai. Thamange gewal wala that hithala wakugadu rogiyo. Duk widinawa. Puthala duwala wasa beheth gahanawa. Kisima anagathayak hithanne nathi minissu. Ekane hamadama ekama thana rnne

    • Janaka Dharmarathna says:

      කවුරුත් කිව්වෙ නැහැ හරිත කෘෂිකර්මය නවත්වන්න. හැමෝම කියන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන්න.

  3. Silva says:

    ඔව් කොහෙත්ම සහනාධාරයක් දෙන්න එපා. උන් ඉල්ලන්නේ වහ.

  4. '''බදුමුදල් ගසාකන රාඡපකස දුශිතයන්ගේ වංචනික ඵන්නත් ආනයනය... says:

    ”’බදුමුදල් ගසාකන රාඡපකස දුශිතයන්ගේ වංචනික ඵන්නත් ආනයනය වහා නවතා දැමිමට වහාම ක්‍රීයාත්මක වියයුතුයි,.!

  5. LalithM says:

    අපේ වීරයා මේ තරමට පුස්සෙක් කියලනම් හිතුනේ නෑ. නියම අනාගත්ත රජ. පොහොට්ටුවට ජය නියතයි!!!…

  6. Susantha says:

    GR kiyana keti yefume theruma chande dawaswala therune na: Dan therenawa Gazette Reverse

  7. දුලිප් says:

    කමක් නැහැ රජෝ…!

    ලබන චන්දෙදි අපි පොලියත් එක්කම ඔය සහනාධාරේ ඔහේගේ හත්මුතු පරම්පරාවටම දෙනවා.

    ඉවසීමෙන් සැනසීම ලැබේ…!

  8. 0.00069 BIYYO says:

    කවුරුත් කිව්වෙ නැහැ හරිත කෘෂිකර්මය නවත්වන්න. හැමෝම කියන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන්න.
    බොරු කාරයන්ට වැඩ බෑ, වැඩ කාරයන්ට බොරු බෑ, දන් නම් සැපයි හොදටම.

    අපේ වීරයා මේ තරමට පුස්සෙක් කියලනම් හිතුනේ නෑ. නියම අනාගත්ත රජ. පොහොට්ටුවට ජය නියතයි!!!

    කමක් නැහැ රජෝ…!

    ලබන චන්දෙදි අපි පොලියත් එක්කම ඔය සහනාධාරේ ඔහේගේ හත්මුතු පරම්පරාවටම දෙනවා.

    ඉවසීමෙන් සැනසීම ලැබේ…!

  9. Ravi says:

    ඉතින් පරයෝ උඹ ඔය කතාව ඇයි ඡන්දෙ ඉල්ලද්දි නොකිව්වේ. ඒ කාලෙ ඔහේ කිව්වේ පෝර නිකංම දෙනවා කියලානේ. උඹ අහිංසක ගොවියාව රවට්ටලා අනාථම කරලා දැම්මා.

Leave a Comment