රසායනික පොහොර ගෙන්වන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙරේ…

November 12, 2021 at 12:02 am | lanka C news
රසායනික පොහොර ගෙන්වන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙරේ…

ලබන වසරේ මෙරට පොහොර අවශ්‍යතාවයෙන් 50% ක ප්‍රමාණයක් යූරියා ලබාදීම සඳහා තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ඉන්පසු ක්‍රමිකව එම පොහොර ගෙන්වීම නතර කර දැමීමට තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

පොස්පරස් සහ පොටෑසියම් පොහොර මෙරට නිෂ්පාදනය කර ගත හැකි බවද පැවසූ ඔහු පොහොර ගැටළුව ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර සහනයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මීලග කැබිනට් මණ්ඩලයට මෙම යෝජනා තමන් විසින් ඉදිරිපත් කරන බත් ඔහු එහිදී පැවසීය.

37,627 views

3 Comments to “රසායනික පොහොර ගෙන්වන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙරේ…”

  1. බූරු පුතානෝ says:

    යූරියා වලින් පිලිකා නොසෑදෙන බව පැහැදිලිය. එහෙනම් මොකද මේ අනිසි බියක්? ආපසු යූරියා කර්මාන්ත ශාලාවක් ආරම්භ කල යුතුය. අපේ වාතයේ 80% තියෙන්නේ නයිට්‍රජන් නම් ඕකෙන් යූරියා හදන්න කෝටි ගානක් පිටරටට ගෙවන්නේ ඇයි? ජේ ආර් නොසිතෙන්නට තවමත් අපේ යූරියා කර්මාන්ත ශාලාව අපිට තියෙනවා.

  2. The Funeral Director says:

    ඒ පාර ඉඩමි ඇමතියද කෘෂිකර්මෙ කොරන්න යන්නෙ ? ඇති යන්තං දැන් කෘෂිකර්මෙ කොරන මී හරක් බාන කුඹුරු හාන්න දාන්න වගේ.

  3. New Pen says:

    ශ‍්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව මොන මෝඩයද විශ්වාස කරන්නේ?
    තනිකරම මොන්සැන්ටෝ ඒජන්ට්වරුන් අතෙයි ඒක තියෙන්නේ.ලංකාවේ දේශීය බීජ ඉවත් කරන වැඩපිලිවලේ පෙරගමන්කරු.
    චීනය කීයටවත් මොන්සැන්ටෝ ඒජන්ට්වරු දෙන රිපෝර්ට් පිලිගන්නේ නෑ.
    ලංකාවට ආක්‍රමණික ඩෝල් Banana ඇතුලුවෙනකොට ඔය නිරෝධායන සෙට් එක කොහෙද හිටියේ.