රසායනික පොහොර ගේනන වෙලාවක් නෑ.. ගේන්න මාස දෙකක් යනවා.. ගෙනා පොහොරෙන් වගා කරන්න..- මහින්දානන්ද

October 16, 2021 at 3:22 am | lanka C news
රසායනික පොහොර ගේනන වෙලාවක් නෑ.. ගේන්න මාස දෙකක් යනවා.. ගෙනා පොහොරෙන් වගා කරන්න..- මහින්දානන්ද

කුමන හෝ පොහොරක් ඉල්ලූ ගොවියන් දැන් රසායනික පොහොර පමණක් ඉල්ලා සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

දැන් රසායනික පොහොර ආනයනය කිරීමට වෙලාවක් නැති බවත් එම පොහොර ආනයනය කිරීමට අඩුම මාස දෙකක කාලයක් යන බවත් අමාත්‍යවරයා පැවසීය.

එනිසා රසායනික පොහොර ඉල්ලමින් උද්ඝෝෂණය කිරීමේ තේරුමක් නැති බවත් එය දේශපාලණීකරණය කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවත් අමාත්‍යවරයා කීය.

දැන් රසායනික පොහොරෙ ආනයනය කිරීමට ගියොත් මහ කන්නය අවසාන වන බවද පැවසූ අමාත්‍යවරයා එනිසා මේ මොහොතේ රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණ කිරීමේ කිසිදු තේරුමක් නැති බවද කියා සිටියේය.

යම් ලෙසකින් දැනට ගෙන්වා ඇති කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කර අස්වන්නේ යම් අඩුවක් සිදු වූවොත් ඒ සඳහා වන්දි රජය විසින් ගෙවන බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

17,711 views

11 Comments to “රසායනික පොහොර ගේනන වෙලාවක් නෑ.. ගේන්න මාස දෙකක් යනවා.. ගෙනා පොහොරෙන් වගා කරන්න..- මහින්දානන්ද”

  1. Hudson says:

    Kalaksniiya moota elawa elawa gahanna ona.

  2. Susantha says:

    වියත්මග සංවිධානයට ප්‍රභල ලෙසම සිය සහයෝගය ලබාදුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිලිබඳ මහාචාර්ය ගාමිනී රාජපක්ෂ මහතා සිය ෆේස් බුක් ගිනුම ඔස්සේ අද දින මෙසේ .සඳහන්.කර තිබුනි….
    // ඕගනික් පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නෙ මොන මගුලක්ද? පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික නිසා ගෙන්වනවලු
    යූරීයා අකාබනික නිසා තහනම් කරලලු..

    මේ රටේ දේශ පාලුවන්ගෙන් දැන් අපිටත් රසායන විද්‍යාව ඉගෙන ගන්න වෙනවා. එහෙමත් නැත්නම් අපි මේ රටෙ දරුවන්ට රසායණ විදයාව උගන්න එක අත ඇරල දාලා නිකන් ඉන්න ඕනෙ.
    . මෙහෙම ගියොත් රසායන විද්‍යාව ප්‍රශ්න පහ්තර වලටත් මොනවා එයිද දන්නෙත් නෑ….
    ඇත්තටම දරුවනේ මේ රට දැන් ඒතරම්ම ආතල් ලන්තයක් ///
    – රසායන විද්‍යාව පිලිබඳ මහාචාර්ය ගාමිනී රාජපක්ෂ මහතා.

    • බන්ඩා says:

      කාබනික කියන්නෙ ස්වභාවිකව තියන දේට නේද? පොටැසියම් ක්ලෝරයිඩ් ස්වභාවිකව තියෙන්නෙ කොහෙද?

    • බන්ඩා says:

      කාබනික කියන්නෙ ස්වභාවිකව තියන දිරාපත් වන දේට නේද? පොටැසියම් ක්ලෝරයිඩ් ස්වභාවිකව තියෙන්නෙ කොහෙද?

  3. Goviya says:

    What a mess !!

    The talk is still on Fertilizer only.

    What should the farmers use for insects and fungus and other diseases ?

  4. ගමේ බයියා says:

    “” කතා නොකර හිටින තාක් මෝඩයාත් පංඩිතයෙකි “” කියල , ගමේ පංසලේ හාමුදුරුවො කිව්වෙ හැබෑව . නැද්ද බොලං .

  5. 3% ට බය බයියා. says:

    ගොවියා ගොවි බිම් වලින් සූක්ෂම ලෙස ඉවත් කර විජාතිකයන්ට ඉඩම් ටික දෙන්න වගේ ලෑස්ති වෙන්නේ?

  6. Gamaraala says:

    You have to understand the situation of the Farmers when the guy in charge of the subject says.. ” This is all what we have got for you.. Do what you can”

    Not the most ideal style of Governance .

  7. 3% නැති ජෙප්පා says:

    රෙදි රොල් කරලා ..කේ ගහං විස රසායනික පොහොරවලට කඩෙි ගිය ඊ….යා ගොම රාජ් වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක්….

  8. Sales Rep says:

    Ethakota goviyo waga karanna ona, me aathak, paathak nathi sales rep kenek kiyana vidiyatada? Goviyo watunu thanak , amathiya giya udak! Uddachchakamata beheth natha.

  9. LalithM says:

    සියලුම රසායනික ද්‍රව්‍ය විසනම් අපේ 69 ලක්ෂයක් බයියන් සහ උන්ගේ පවුල්වල ඕක පිලිගන්න එවුන් ලෙඩට රසායනික ද්‍රව්‍ය පාවිච්චිය නවතා දමව්. ඒ කියන්නේ බටහිර වෙදකම සහ ඇලොපති ක්‍රමය යටතේ බෙහෙත්.ඒව ඔක්කොම රසායනික ද්‍රව්‍ය නිසා. අපි හරකුන්ටත් අන්ත මෝඩ ජාතියක්. මංකොල්ලකාර පවුලක අවශ්‍යතා වෙනුවෙන් රට නැතිකර ගන්න මෝඩ ජාතියක්.

Main News