රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

October 20, 2021 at 9:20 am | lanka C news
රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සදහන් කළේය.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමාද දායක වූ බව කී ලේකම්වරයා, ඔවුනට අවශ්‍ය වූයේ විෂ කෘෂි රසායනික පොහොර භාවිත කරන සංස්කෘතියක සිට විෂ රහිත ගුණත්වයෙන් ඉතා ඉහළ පැළෑටි පෝෂක භාවිතය හදුන්වාදීම බවද කීවේය.

එම නිසා, කෘෂිරසායනික භාවිත කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුතු පරිසර හිතකාමී පැළෑටි පෝෂක ආනයනයට අවසර දිය යුතු යැයි ද ඔහු සදහන් කළේය.

එම ගැසට් නිවේදනය එලෙස නිකුත් කර තිබුණේ නම් අද රටේ තත්වය වඩාත් යහපත් එකක් වනු ඇති බවද ඔහු සදහන් කළේය.

වත්මන් තත්වය පිළිබදව ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පර්යේෂකයන් සහ පරිපාලකයන් සාක-ච්ඡා කළ බවත් වර්තමාන ගැටලුව විසදිය යුතු බවට ද එහිදී සාකච්ඡා වූ බවත් හෙතෙම කීවේය.

අනව්‍යශ විෂ සහිත පොහොර වෙනුවට ඉහළ ප්‍රමිතියකින් යුතු ජෛව පොහොර භාවිත කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

– lankadeepa

68,543 views

41 Comments to “රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්”

  1. Janaka from Matara says:

    අනේ මේ පුබ්බරු මහාචාරියෝ!
    අර ගුනරුවං කියල තව එකෙක් මතකද උඩිං යන සහැල්ලු දුම්ම්‍රියෙං කොන්ටේනර් මහපාරට බානකොට ප්‍රස්න ඇතිවෙන්න පුලුවං කියල ඒක නැවැත්තුවා.

  2. Disti diding says:

    “රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.”
    ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමාද දායක වූ බව කී ලේකම්වරයා…..

    රජයේ නිළදාරීන් දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශන හදන එකම ලන්තය…

  3. Hana says:

    අපි හිතුවෙ සර් ව අන්දන්න බෑ කියලා…..බලනකොට රෙද්ද දුන්නම කපල මහල ඇදගෙන ඉවරයි…..කොයි අර වියත්මග කට්ටිය ….
    අනේ රටට ගිය කලක්….

  4. සිසිල් සුදේශ් says:

    කවුද හලෝ මේ ගැසට් නිකුත් කරන්නෙ? අමාත්‍යාංශයේ පියුම් මහත්තයද? ලේකමිවරු ලොකු පඩි අරන් ඉන්නෙ මොකටද, ලියවිලි, කම්කරුවොයි ගැසට් ගහනව නම්.

  5. 69 MIN BAIYOO says:

    “රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.”
    අපි හිතුවෙ සර් ව අන්දන්න බෑ කියලා…..බලනකොට රෙද්ද දුන්නම කපල මහල ඇදගෙන ඉවරයි…..කොයි අර කියත්මග කට්ටිය ….
    අනේ රටට ගිය කලක්….

  6. Ranjan Wijesinghe says:

    Don’t try to show your foolishness. Who gave instructions and who is responsible. Sorry how you became a professor. “KIYATHMAGA ” members are ruining the government. If you don’t know the subject please be silent because once you open the mouth it reflects that you are a fool.

  7. නිඝන්ටයින්ගෙන් නානගෙ මුත්‍රා,.! says:

    ”ගොවිතැන නොදත්” කල්ලතෝනීන්ට ඉන්දියානු” නිඝන්ටයින්ගෙන් නානගෙ මුත්‍රා,.!

    ”නානගෙ මුත්‍රා සමග නිගන්ඨයන්ගේ මුත්‍රා,.
    පාළකයන් කූඨ නිලධාරීන් විසින් පානය කර සහතික කරන ලදී,…!

Main News