රසායනික පොහොර තහනමෙන් එළවළු නිෂ්පාදනය බිදවැටේ… එළවලු මිල ඉහලට…

May 11, 2021 at 2:26 am | lanka C news
රසායනික පොහොර තහනමෙන් එළවළු නිෂ්පාදනය බිදවැටේ… එළවලු මිල ඉහලට…

රසායනික පොහොර සහ කෘමිනාශක ආනයනය රජය තහනම් කිරිමත් සමග නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවියෝ තම එලවළු වගාවේ අස්වැන්න අඩු වි ඇති බවට මැසිවිලි නගයි.

කාලයත් තිස්සේ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතා කරමින් එලවළු වගාව සිදු කල බවත්, දැනට දින කිහිපයක සිට රසායනික පොහොර වෙලදපොල් නොමැති විමෙන් තම එලවළු වගාවේ අස්වැන්න විශාල ලෙස අඩු වි ඇති බවයි නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවින් කියා සිටින්නේ.

කාබනික පොහොර යොදාගෙන නුවරඑලිය ප්‍රදේශයේ ඇතැම් ගොවින් එලවළු වගාව සිදු කලද ඒ සදහා රසායනික පොහොර යම් ප්‍රමාණයක් එලවළු වගාව සදහා එක් කිරිමෙන් තමන් වගා කරන එලවළු වගාව සාර්ථක වන බවයි ගොවින් කියා සිටින්නේ.

කාබනික පොහොර භාවිතයෙන් පමණක් නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගාව සිදු කල නොහැකි බවත්, රසායනික පොහොර නොමැතිව මහ පරිමාණයෙන් සහ කුඩා පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින් එලවළු වගාවෙන් ඉවත් විමේ අවධානමක් පවතින බවද එම ගොවින් කියා සිටියි.

නුවරඑලිය එලවළු ගොවින් කියා සිටින්නේ රසායනික පොහොර ආනයනය ක්‍රමක් ක්‍රමයෙන් නතර කල යුතු බවත්, එකවරම රසායනික පොහොර ආනයනය නතර කිරිම නිසා ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයන් ඉතා අධික මිලකට රසායනික පොහොර මිටියක් අලෙවි කිරිම නිසා තම එලවළු වගාවට විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවයි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් ආරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතාද කියා සිටින්නේ රසායනික පොහොර නොමැති විම නිසා තම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එලවළු තොග වල අඩුවක් පවතින බවයි.

පවත්නා තත්ත්වය මත එලවළු මිල ඉහල යාමේ අවධානමක් පවතින බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන එලවළු ගොවියෙකු සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (සමගි ජන බලවේගය ) වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටින්නේ රසායනික පොහොර ආනයනය ක්‍රම ක්‍රමයෙන් නතර කිරිමට පියවර ගත යුතු බවත්,රසායනික පොහොර නොමැති විම නිසා සියළුම ගොවින් එක් කර ගනිමින් රජයට බලපැම් කර ගැනිමින් දැවැන්ත උද්ඝෝෂනයක් සිදු කිරිමට අදහස් කරගෙන සිටින බවයි.

තේ වතු සමාගම්වල වතු අධිකාරිවරුන්ද කියා සිටින්නේ වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් වැඩි කිරිම හමුවේ තම සමාගම් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවත්, එවන් තත්ත්වයක් හමුවේ රසායනික පොහොර ආනයනය නතර කිරිම තුලින් තේ ඵලදාවද අඩුවිම හමුවේ තේ කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ  

30,104 views

26 Comments to “රසායනික පොහොර තහනමෙන් එළවළු නිෂ්පාදනය බිදවැටේ… එළවලු මිල ඉහලට…”

  1. ගමේ රාල says:

    සපුගස්කන්ද කර්මාන්ත ශාලාවේ යූරියා පොහොර හදලා, එප්පාවල නිධියෙන් පොස්පේට් හදාගත්තාතාම ලන්කාවට මේ පොහොර ප්‍රශ්නය විසදා ගන්න පුළුවන්. ඕනෑ තරම් දහයියා අලු තියෙන නිසා පිට රට පොහොර නැතිව නිශ්පාදනය වැඩි කරන්න පුළුවන්.

    • TikTok says:

      ඩොලර් නැතිකම නිසා පොහොර ආනයනය නවත්තන්න වුනා වගේ ඩොලර් නැතිකම නිසා ඔක්සිජන් ආනයනය අඩාල වෙලා වගෙයි.
      පිස්සු පූසා ආණ්ඩුව ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා රසායනික පොහොර ආනයනය නවත්වනවා කියලා කියන මොහොතෙත් විෂ ග්ලයිෆොසේට් නැව් ගනන් බානවා.ඇයි ඒ ?? ඇමෙරිකාවේ මොන්සැන්ටෝ අධිරාජ්‍යය කියන විදියට පිටින් යන්න බැරි නිසා.

  2. කව්ද මේ කතාකරන බොරුවෝ. රසායනික පොහොර තහනම් කරනවා කියලා කීවේ දැන් සති දෙකකට ඉස්සර. මේ වෙනකොට මුන් එළවලු වැව්වා නොවේ මවලා තියෙනවා වගේ. මෙවැනි බොරු මවන උන්ට දඩුවම්කරන්ට අනිවාර්යෙන්ම අලුත් නීති ගෙන ආ යුතුය. එසේනොවුනහොත් ලංකාවට කිසිදිනක රටට සුභදායී දෙයක් කිරීමට නොහැකි වන බව සක්සුදක් සේ පැහැදිලිය. මෙවැනි බොරු මවන්නන් අනිවාර්යයෙන්ම නැවතිය යුතුය.

    • දඬුවම් says:

      මේ වගේ බොරු පතුරන එවුන්ට රසායනික පෝර කැවිය යුතුය

  3. Buuwa says:

    All Gully Bowsers will have good business….now

  4. මහදැනමුත්තා says:

    කොරෝනාවෙන් බැට කාල හරියට ආදයමක් නැතිව ජීවත්වෙන මිනිස්සුන්ගේ කර පිට රසායනික පොහොර තහනමත් වැටිලා දැන් ඉතින් රසායනික පොහොර කන්න හොඳ නෑ කියකියා බෙරිහන් දීපු උන් කසාය බීපු ගොලුවො වගේ ඉඳීවි.මේ වෙලාවෙ කරන්න ඕන දේවල් පැත්තක තියලා වෙන වෙන ගොන්කම් කරන අපේ මෝඩ පාලකයෝ අපිම මුන් උඩ දාගෙන පත් කළාට අපිට හොඳ වැඩේ දැන්නම් හිනෙවා ඒ දවස් වල කිරිඇල්ල කියපු කතාව ඇත්ත කියල

  5. Gamini Senanayake says:

    As per the promise given by president, it has to be started to pay compensations for those who suffered and ask them to provide vegetable to the market on previous prices.

  6. ගොන් බයියා says:

    එලවලු එපා අපිට තනකොල ඕන.

    • ටොයියා says:

      අපි නං කන්නෙ ක්‍රෝටන් කොල. බොන්නෙ ගොං හුජ්ජ. නියම ඕගැනික්. වස විස නෑ.

  7. LalithM says:

    පොහොර සම්බන්ධයෙන් ජනපතිට උපදෙස් දුන් පුද්ගලයන් ජනතාව බඩගින්නේ තබා රට බංකොලොත් කිරීම අවශ්‍ය වූවන් නොවේද?

  8. jinee says:

    wada karana apee haraka

  9. රු 500 says:

    පොහොට්ටුවෝ සැකසුම් සහගතව කෘෂිකර්මය විනාශ කරන බව පෙනේ. කොරෝනා වසංගතයට මුහුණ දීමට විෂබීජ නාශකයක් වූ කහ ගෙන්වීම තහනම් කළේය. කහ මිල අහස උසට නැග්ගේය. ඒ සමග අත්සේදුම් දියර, මුහුණු ආවරණ පිටරටින් ගෙන්නුවේය. ව්‍යාපාර මාෆියාවට කොමිස් ගැසීමට් මාර්ගය තනා දුන්නේය. ඊළග අඩව්ව අල්ලන්නේ එළවළු සහ පකතුරු, කෘෂිකර්මාන්තයෙනි. රසායනික පොහොර වලට විකල්පයක් ගොවියන්ට හදුන්වා දෙන්නේ නැතිව එක්වරම රසායනික පොහොර තහනම් කිරීමෙන් එළවළු සහ පළතුරු මිල කහ මිල වැඩි වුණා මෙන් අහස උසට යනබව නොතේරෙන්නේ කාටද? ගහෙන් වැටුණු එකාට ගොනා අන්නවන්නේ සැළසුම් සහගතවය. දැන් එළවළු කිලෝවක් රු. 500 ටත් වැඩියෙන් යාම වළක්වන්නට බැරිට

    • kumdhar says:

      මේක මාර කතාවක්නේ… !!!
      රසායනික පොහොර සහ කෘමිනාශක ආනයනය රජය තහනම් කලේ මැයි 6 වෙනිදා. මැයි 11 වෙනිදා වෙනකොට එලවළු ගොවියෝ කියනවා තම එලවළු වගාවේ අස්වැන්න අඩු වෙලාලු!
      එහෙම කොහොමද වෙන්නේ? මැයි 6 වෙනිදා වෙනතෙක් රට තුලට ගෙන ආ වරායේ ගබඩා කර ඇති හෝ ආනයන කරුවන්ගේ ගබඩාවල හෝ තොග වෙළඳුන් ළඟ ඇති රසායනික පොහොර සහ කෘමිනාශක තොග කෝ?
      ඒවත් මැයි 6 වෙනිදා තහනමත් එක්ක ඉවර උනාද?

      මේක වෙළඳ මාෆියාවක් !

    • මොන හු... says:

      මොකද්ද උට්ටො, රු 500ට පෝර කොම්පැනි වලට පුප විකුනන්නෙ? පාරෙ රෙද්දක් එලාගෙන හිඟා කාපන් 1000ක් ලැබෙයි. මොංගලගෙ මඩ ව්‍යාපාරෙට සෙට් වෙයන් 1600/- ලැබෙයි. මොංගලයට පුප දීපන් ටිංකිරි එක්ක 2000ක් හම්බෙයි.

  10. SL says:

    පොහොර තහනම් කරල සතියයි. ,මු අස්වැන්න අඩුයි කියනේ මොකාගෙ උවමනාවට ද

Main News