රසායනික පොහොර තහනමෙන් එළවළු නිෂ්පාදනය බිදවැටේ… එළවලු මිල ඉහලට…

May 11, 2021 at 2:26 am | lanka C news
රසායනික පොහොර තහනමෙන් එළවළු නිෂ්පාදනය බිදවැටේ… එළවලු මිල ඉහලට…

රසායනික පොහොර සහ කෘමිනාශක ආනයනය රජය තහනම් කිරිමත් සමග නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවියෝ තම එලවළු වගාවේ අස්වැන්න අඩු වි ඇති බවට මැසිවිලි නගයි.

කාලයත් තිස්සේ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතා කරමින් එලවළු වගාව සිදු කල බවත්, දැනට දින කිහිපයක සිට රසායනික පොහොර වෙලදපොල් නොමැති විමෙන් තම එලවළු වගාවේ අස්වැන්න විශාල ලෙස අඩු වි ඇති බවයි නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවින් කියා සිටින්නේ.

කාබනික පොහොර යොදාගෙන නුවරඑලිය ප්‍රදේශයේ ඇතැම් ගොවින් එලවළු වගාව සිදු කලද ඒ සදහා රසායනික පොහොර යම් ප්‍රමාණයක් එලවළු වගාව සදහා එක් කිරිමෙන් තමන් වගා කරන එලවළු වගාව සාර්ථක වන බවයි ගොවින් කියා සිටින්නේ.

කාබනික පොහොර භාවිතයෙන් පමණක් නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගාව සිදු කල නොහැකි බවත්, රසායනික පොහොර නොමැතිව මහ පරිමාණයෙන් සහ කුඩා පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින් එලවළු වගාවෙන් ඉවත් විමේ අවධානමක් පවතින බවද එම ගොවින් කියා සිටියි.

නුවරඑලිය එලවළු ගොවින් කියා සිටින්නේ රසායනික පොහොර ආනයනය ක්‍රමක් ක්‍රමයෙන් නතර කල යුතු බවත්, එකවරම රසායනික පොහොර ආනයනය නතර කිරිම නිසා ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයන් ඉතා අධික මිලකට රසායනික පොහොර මිටියක් අලෙවි කිරිම නිසා තම එලවළු වගාවට විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවයි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් ආරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතාද කියා සිටින්නේ රසායනික පොහොර නොමැති විම නිසා තම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එලවළු තොග වල අඩුවක් පවතින බවයි.

පවත්නා තත්ත්වය මත එලවළු මිල ඉහල යාමේ අවධානමක් පවතින බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන එලවළු ගොවියෙකු සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (සමගි ජන බලවේගය ) වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටින්නේ රසායනික පොහොර ආනයනය ක්‍රම ක්‍රමයෙන් නතර කිරිමට පියවර ගත යුතු බවත්,රසායනික පොහොර නොමැති විම නිසා සියළුම ගොවින් එක් කර ගනිමින් රජයට බලපැම් කර ගැනිමින් දැවැන්ත උද්ඝෝෂනයක් සිදු කිරිමට අදහස් කරගෙන සිටින බවයි.

තේ වතු සමාගම්වල වතු අධිකාරිවරුන්ද කියා සිටින්නේ වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් වැඩි කිරිම හමුවේ තම සමාගම් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවත්, එවන් තත්ත්වයක් හමුවේ රසායනික පොහොර ආනයනය නතර කිරිම තුලින් තේ ඵලදාවද අඩුවිම හමුවේ තේ කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ  

30,100 views

26 Comments to “රසායනික පොහොර තහනමෙන් එළවළු නිෂ්පාදනය බිදවැටේ… එළවලු මිල ඉහලට…”

  1. Hesh says:

    පොහොර තහනම් කරේ සතියකට උඩින්. පොහොර නැති නිසා අස්වැන්න අඩුයි කියලා දැන් ඉදන්ම කියන්නේ කොහොමද? දවස ගානේ පොහොර ගහනවද? නැත්නම් පොහොර සමාගම් වැඩේ පටන්ගෙනද?

    • ශිරා says:

      නෑ සුපුරුදු පරිදි ගැසට් රිවර්ස් කරන්න කාලේ ඇවිත්.

    • kaju Banda says:

      යුරියා තහනම් කරපු ගමන් ඒළවළු ගස්වලට ඒ පණිවිඩය ලැබිලා ගස්වල පලදාව ෙදන ඒක නතර කරලද ෙකාෙහාද, නැත්නම් ෙමෙහම ෙවන්න බෑ. ෙමාකද ඒලවළු ගහක් හැදිලා ඵලදාව ෙදන්න අවම වශ ෙයන් දවස් 45 ක් වත් යනවා ෙන්. ෙමම ප්‍රවෘත්තිය පලකරපු ෙකනා ෙකාම්පැනියකින් මිලදීෙගනද නැත්නම් ඔහු ෙකමිකල් ෙකාම්පැණියක් කරනවා ද?

      • Sky says:

        මේ බොරු propaganda සේරම කරන්නේ රසායනික පෝර ගෙන්වන company ..රටේ ජනතාවට වස විස ඇති ආහාර නිෂ්පාදනය කර ලබා දෙනවාට වඩා ඒ විස රසායනික එළවලු නොකා සිටීම නිරෝගිමත් ….මිනිසුනේ රසායනික පෝර යොදා නිපදවන එලවළු මිලදී ගැනීමෙන් වැළකෙව් …එවිට රසායනික පෝර නැතුව එලවලු නිෂ්පාදනය කරයි ..මේ බොරු propaganda වලට රැවටෙන්න එපා ..

  2. NuwanJ says:

    වගා බිම් තියෙන පලාත්වල ගෙවල් 3කට එක් අයෙක් වකුගඩු රෝගියෙක් වාර්තා කියනවා
    අකමැති වුනත් මේවට හැරෙන්න වෙනවා.

  3. Lanka says:

    This is utter lie. People of Sri Lanka never want to do something right. They always making excuses. President announced his msg one wk ago. How come price goes up like this ? Puthano clan plus jvp are behind this. They never give a dame about farmers. They are creating this problem. Find out & punish them.

  4. Love nature says:

    එලවළු වගාවේ අස්වැන්න අඩු වි මේ ප්‍රතිපල නම් වකුගඩු රෝගීන් අඩුවීමයි.

  5. Dengu Nona says:

    Mokatada wagaa karanne? Elawalu aanayanaya karanna puluwani. Ethakota honda komis paarakuth wadinawa.

  6. Rabok says:

    It is better live without eating the vegetables that haven’t use chemicals rather than dying eating veggies with chemicals

  7. ගොයියා says:

    මුන්ට රසායනික පෝර නැතුව එලවලු වවන්න බැරි නම් උන්ගෙ ජරා එලවලු අපිට එපා

  8. හාමතේ මැරෙමු... says:

    වස විස නැති, එළවළු අස්වැන්න හිඟ, හාමතෙන් පිරි රටක්

Main News