රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..

August 4, 2021 at 1:20 pm | lanka C news
රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..

රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි. කාබනික පොහොර භාවිතයට රජය ගත් ස්ථාවරය කිසිදු වෙනසක් නැතැයි ද ඔහු කියා සිටියි.

මේ අතර මෙරටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කරයි.

නමුත් කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය දියර නයිට්‍රිජන් ප්‍රමාණයක් රටට අවශ්‍ය බැවින් බලපත්‍ර මත ඒවා ගෙන්වා ගැනීමට පමණක් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය දුන් බවද ඔහු සඳහන් කළේය.

නමුත් රේගු කටයුතු වල දී යොදා ගන්නා කේතය යටතට මෙම දියර නයිට්‍රජන් මෙන්ම ඇතැම් රසායනික පොහොර ද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික පොහොර පමණක් රජයේ බලපත්‍රයක් මතක ගෙන්වීමට ඉඩ දෙන බව දීම පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය බව ද ඔහු කියා සිටී.

මේ සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවත් රජයේ නිර්දේශ මත පමණක් ගෙන්වීමට අනුමැතිය ලබා දෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

42,275 views

13 Comments to “රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..”

  1. බන්ඩා says:

    රජය පොහොර ප්‍රශ්ණයක් කරලා වැඩේ අනාගන හොර පාරෙන් විසදුම් සොයනවා.

    • ගන්ජ බන්ඩා says:

      වී ගොවියට ආමි කොම්පොස්ට් නොමිලේ දෙන්න. රසායනික පෝර ඕනැ අයට ලෝක වෙළදපොල මිලට දෙන්න.

  2. Karunarathna says:

    කාබනික ජාතිකවාදී හෙල තැරි දාර බයියො මොනවා කිව්වත් පස්සෙ හරි මොලේ පෑදුන එක ලොකු දෙයක්.. නැත්තම් තව මාස 3 කින් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ මේ තදියම් පොහොර තහනම හින්දා..

  3. Banda says:

    කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික පොහොර…………😧😧😧😧😧😧😧

  4. චන්ද දායක says:

    කාබනික පො⁣හොරයි,රසායනික පොහොර යි කියන්නෙ ජාති දෙකක් කියලා තමයි මෝඩ මගේ මො⁣ලේට තේරිලා තිබුනෙ.
    කාබනික පොහොර හදන්නෙ රසායනික පොහොර වලින් කියලා අපට කියලා දුන්න කිංස්ලි මහත්තතයා ට පිං.

  5. නන්දසේන says:

    නයිට්‍රජන් පොස්පරස් පොටෑස් (NPK)රසායනික දේවල් නොවේද?

  6. කැලණියේ නයා says:

    නොවේ මෙවන් ආතල් පාලනයක් නොවේ.එකක් වැරදි වහගන්නට දෙකක් වැරදි කරනෝ.

  7. Darshana abayakoon says:

    අති විශිෂ්ඨයි ජනාධිපතිතුමනි. ඉදිරියට තැබූ පය පිටිපසට නොගැනීම අතිවිශ්ෂ්ඨ නායකයකුගේ ලක්ෂනයක්. රසායනික පොහොර භාවිතයෙන් කාබනික පොහොර නිශ්පාදනය අතිවිශාල කෘෂිකාර්මික විප්ලවයක් වනු නොඅනුමානයි. රසයනික පොහොර සදහා කාබනික පොහොර බහාලුම් භාවිතකිරීමෙන් අවම පිරිවැයකින් ඉතාම කෙටි කාලයකින් සම්පූරනයෙන්ම කාබනික පොහොර සදහා මාරු වීමට අපට අවස්ථාව උදාවනු ඇත.

  8. desta says:

    kalakanniyo palayan ayeth USA 🇺🇸 walata rata kanne nethiwa hora ponna hutta

  9. Chamara says:

    අහෝ කිංස්ලි , තමුසෙත් සල්ලි වලට කුණු රෙදි අපුල්ලන්නෙක් වෙච්ච හැටි.

    • LalithM says:

      පොඩි වෙනසයි. බල්ල එහෙමමයි. දැන් හම්බවෙන කටුවේ පොඩ්ඩක් විතර මස් ඇති.

  10. No ni says:

    කවුද බොලං කිංස්ලි ………අල අලුගුත්තෙරැ පාංකඩ හීනමාන කාරයා නේද ????
    ජනාධිපතිතුමනි පුවේසමෙන් …..රෙද්ද අස්සෙ ඉන්න නයෙක්……
    ⁣දශ්ට කලත් මැරෙන්නෙ තැපෑලෙන්…..
    තමනට උදව් කරපු නිමල් ලක්ශපති ගෙ සිට රාජ මහේන්ද්‍ර දක්වා මිනිස්සුගෙ අත හපපු බල්ලෙක් ….

Main News