රසායනික පොහොර තහනම ඉතා වටිනා කාලෝචිත ක‍්‍රියාවක්..

October 25, 2021 at 4:40 pm | lanka C news
රසායනික පොහොර තහනම ඉතා වටිනා කාලෝචිත ක‍්‍රියාවක්..

මේ මොහොතේ රසායනික පොහොර නතර කිරීම ඉතාම කාලෝචිත වටිනා ක්‍රියාවක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ අදහස් පල කලහ.

‘මේ මොහොතේ රසායනික පොහොර නතර කිරීම කාලෝචිත ඉතාමත් වටිනා ක්‍රියාවක්. රසායනික පොහොර කියන්නේ මාෆියාවක්. සංවිධාන හා පුද්ගලයන් විසින් ගොවීන් උසිගන්වනවාත අපේ රටේ හදග කාබනික පොහොර ලබාදිය යුතුයි. කාබනික පොහොර හදන අයට උපරිමයෙන් සහන සැලසිය යුතුයි’

ගුරු විරෝධතා ගැනද උන් වහන්සේ එහීදී අදහස් පල කලහ.

‘මේ මොහොතේ රටේ ආර්ථික තත්වය ගැන හා දරුවන් ගැන සිතා ගුරුවරුන් වැඩ කල යුතුයි. අංක එක දරුවන් බව ඔවුන් මතක තබා ගත යුතුයි. මේ මොහොතේ දරුවන් ගුරුයවරුන් හා දෙමාපියන් ගේ සංහිදියාව නැති කිරීම සදහා විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් ගුරුවරුන් බේරිය යුතුයි’

– ප්‍රගීත් ජනක

28,530 views

19 Comments to “රසායනික පොහොර තහනම ඉතා වටිනා කාලෝචිත ක‍්‍රියාවක්..”

  1. Podda says:

    හාමුදුරුවෝ ගිහි වැඩට ඇඟිලි ගහන්ඩ ගියාම සාසනේ ගැන තියන ගරුත්වයත් නැති වෙනවා. ගිහියන්ට ගිහි කටයුතු කරගන්න දීලා හාමුදුරුවෝ නිවන හොයාගත්ත නන් හරි. නැත්තන් නිකන් චීවරධාරීන් වෙනවා.

    • lakshitha says:

      එතකොට පල්ලිය සී.අයි.ඩී වැඩ වලට ඇඟිලි ගහන එක, උසාවියේ නඩුවක් ක්‍රියාත්මක වෙනකොට චූදිතයන් අපරාධකාරයන් කියල කියන එක ශෝක්ද? හැමදාම මාධ්‍ය සාකච්ඡා තිය තිය වෛරයේ, පලිගැනීමේ ගීතිකා යදිනකොට පැහැදීම දෝරෙ ගලනවද? අනේ පව් ඉතින්. මෝඩකමට බෙහෙත් නෑනෙ.

  2. Gunarathna says:

    මුන්වහන්සේ සර්වඥ ද ගොවියෝ කෑ ගහන්නේ මාෆියවකටද ඒ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්නෙකටද කියල හරියටම කියන්ඩ. අවසර හාමුදුරුවනේ. පන්සලට හම්බෙන දානේ වළඳලා බණක් භාවනාවක් කරගෙන ඉන්න. අනිත් මිනිස්සු උපයාගෙන කන්න ඕන. දානේ කවුරුත් දෙන්නේ නෑනේ. ඉතින් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න නොදැන කතාකරන්ඩ ගියාම සිවුරටත් හොඳ නැහැ.

    • Sena says:

      යාපනේ මඩකලපුවෙ, ත්‍රිකුණාමලේ, වව්නියා, කිලිනොච්චි ගොවියො වැඩ පටන් අරන්. ඒ වගේම ඒ පැතිවල උන් රසායනික පෝර ඉල්ල ඉල්ල මැරෙන්න හදන්නෙ නෑ. ඒ වගේම ඒ පැති වල වකුගඩු රෝගත් නෑ. ලංකාවෙ කිවුල්ම වතුර තියෙන්නෙ යාපනේ. ඒත් යාපනේ මිනිස්සුන්ට වකුගඩු රෝගය නෑ. සිංහලයා මෝඩයා, කැවුම් කන්න සූරයා කිව්වෙ කට කහනවට නෙමෙයි.

      • Janaka from Matara says:

        ඔය නරිවාදම පොඩ්ඩක් ආංබාන් කරගත්තනං.
        බෞද්ද පළාත් වළ මිනිස්සු රසායනික පෝර වලට අබ්බැහි කලේ මහිංද ගොයියයි.
        මෙතන මේ ගාලගෝට්ටිය කාබනික පෝර වලට යන්න බෑ කියල නෙවෙයි.
        අසරණ ගොවියට එදා වේල කාගන්න වත් අදායම් මාර්ගයක් නැති වුනු නිසයි.

  3. Wije says:

    Ape Hamuduruwan wadarana deeta siyayata siyayak mama agree. Gothayaya mahattaya me gatta tirane kaalochita ita wadagat teeranayak. Desapalana balawega minissu kulappu karawa. oya ekek wat Wakugaduwak devida?

  4. MahaYaka says:

    අවසර අපේ හාන්දුරුවනේ. අර තෙල් ගේන්ඩ, කෑම ගේන්ඩ සල්ලි නැති වෙලේ, බෙන්ස් කාර් ගේන්ඩ permit දෙන එක කමක් නැද්ද? එව්වට කට ඇරෙන්නේ නැත්තේ ඇයි?

    • Suresh says:

      එව්වට කට ඇරෙනවද නැද්ද හොයන්න කලින් ඔය අනුරාධපුර දිස්ත්‍රික්කෙ අවුරුදු 2,3 පොඩි එවුනුත් වකුගඩු රෝගෙන් මැරෙන හැටි ගිහින් බලපන්. ගම්මාන පිටින් මැරි මැරි යන්නේ. සතියකට ගමේ මරණ තුන හතරක් අහන්න හම්බෙනව එකම ගමෙන්. රටේම වකුගඩු ලෙඩ්ඩු 40,000ක් ඉන්නව. හැදුනොත් හොඳ කරන්න බෙහෙතක් නෑ. ලංකාවෙ ඉන්නෙ දේශපාලනේම බදාගත්තු මහ කාලකන්නි හැතිකරයක්. හාමුදුරුවො මේවට කෑ ගහන්නෙ හැම සතියෙම ගමේ මිනිස්සු වලදාන එක අඩු කරන්න. මේ කාබනික පෝර ව්‍යාපෘතියට දේශපාලන කෝණෙන් බලලා ආපහු මිනීමරාගෙන ජීවත් වෙන්න හදන උන්ට සාප වෙනවා.

  5. ඔබ වහන්සේ මෙම කරුණු සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමෙන් කරන්නේ විශාල සමාජ මෙහෙවරක්! ඔබ වහන්සේට දීර්ඝායු වේවා!

  6. Gamini says:

    Monks should talk only what they know only. Not the subjects they do not know. There are many good things but not feasible. e g Clean energy’, river pollution, deforestation any many more. For anything there should be proper plans. Not idiotic decisions 😂😆😆

  7. Neel says:

    හාමුදුරුවන්ට කන්න මිනිස්සු ගෙනත් දුන්නට ගුරුවරුන්ට කන්න ඉස්කෝලෙ ළමයින්ගෙ දෙමාපියන් ගෙනත් දෙන්නේ නෑ කියලා මේකාට තේරෙන්නේ නෑ , හේතුව ආණ්ඩුවට කඩේ ගිය නිසා දොල පිදේනි හොඳට ලැබිලා ඇති

    • Suresh says:

      හාමුදුරුවො මේවට කෑ ගහන්නෙ හැම සතියෙම ගමේ මිනිස්සු වලදාන එක අඩු කරන්න. මේ කාබනික පෝර ව්‍යාපෘතියට දේශපාලන කෝණෙන් බලලා ආපහු මිනීමරාගෙන ජීවත් වෙන්න හදන උන්ට සාප වෙනවා.

      • don says:

        Ane suresh denne nathuwa hithan, umba biyek kiyala hondatama therenewa, kata wahagena hitu nikan denne nathuwa

  8. අමෙරිකානුවන් සමග කොළ්ලය,. says:

    වසවිස තිබෙන්නාවූ වාණිඡමය භාන්ඩ, ආහාරපාණ බවභෝග පරිහරනය කරන ඡන කොටස් සඳහා අදාළවනපරිදි අවසානය හිමිවන අතර ..,

    බුද්ධිමත් පිරීස් කුඨ සැලසුම් වලින් මුලා නොවී දැස් විදහා ඡාකික සම්පත් දෙස දැඩි විමසිලිවන්ත වියයුතුයි,.! බෑසිල් රාඡපකෂ, ගෝඨාබය සහ මහින්ද රාඡපකෂ දරැණු ලෙස ඡනයා මුළාකරමින් රටේ බළශක්තිඅධිකාරිය අමෙරිකානුවන් සමග කොළ්ලකමින් සිටිනු ලබයි,.

    ත්‍රිකුණාමළය ඉන්දියාවට පාවා දෙනු ලැබුයේ බළකැදර කුමන්ත්‍රණය සදහාම බව අවබොධ කර ගනු,.!

  9. මම 69 න් එකෙකී. says:

    දැන් වකුගඩුවල ගැටළු තියන මිනිස්සු වෙනූවෙන් කෑගහපු. නාලිකාව සද්දයක්නෑ, පරිසර හිතකාමී සද්දයක්නෑ.වස ගේනවා ඒවා කාලා ලෙඩ උනාට පස්සේ නෑ ගහනවා.අනේ අපොයි.

  10. Felix says:

    Permit Ekata Advance Hitan Ara Gena Wagai….

Main News