රසායනික වී වගාවේ අස්වැන්න කෘත්‍රිමයි… කම්මැලියා කැමති ඒකටයි… ඒකයි කෑ ගහන්නේ..

January 18, 2022 at 6:20 pm | lanka C news
රසායනික වී වගාවේ අස්වැන්න කෘත්‍රිමයි… කම්මැලියා කැමති ඒකටයි… ඒකයි කෑ ගහන්නේ..

කාබනික වී වගාවේදී දේශීය වී වර්ග වගා කර උපරිම හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකි බව අනුරාධපුර ගොවියෝ සඳහන් කරති. අනුරාධපුර, රඹෑව, ගල්කුලම, දේවහූව ප්‍රදේශවල මහ කන්නයේ කාබනික වී වගාව නීරික්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශවල කරන ලද සංචාරයකදී ගොවියෝ මේ බව සඳහන් කළහ.

“දෙමුහුන් වී කියලා අපිට හඳුන්වලා දීලා තියෙන්නේ රසායනික පොහොරවලට පමණක් ඔරොත්තු දෙන වී වර්ග. අපි ඒවට කියන්නෙ සුද්දාගේ වී කියලයි. ඒවාට කාබනික පොහොර කොපමණ යෙදුවත් අස්වැන්න සරු කර ගන්න අමාරුයි. ඒ වී වර්ග වගා කරලා තමයි ගොවියෝ දැන් වී වගාව අසාර්ථකයි කියලා කෑ ගහන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපලවල මේ වී වර්ග අත්හදා බලන්නෙත් රසායනික පොහොර යොදාගෙන. ඒ නිසා ඔය දෙමුහුන් වී වර්ගවලට රසායනික පොහොර ඕනෑමයි. ජනාධිපතිවරයා කාබනික පොහොර යොදා වී වගා කරන්න ගත්තු තීරණය ඉතා වටිනවා. දේශීය වී වර්ග කාබනික පොහොර යොදා වගා කරලා ඉහළ ආදායමක් ලබන්න පුළුවන්. අස්වැන්න ටිකක් අඩු වුණත් වී කිලෝව රුපියල් 90 – 100 විකුණා ගන්න පුළුවන්” යැයි අනුරාධපුර රඹෑව ජයවර්ධන කුමාරසිංහ ගොවි මහතා සඳහන් කරයි.

රඹෑව සදමල්ගමයායේ අක්කර දහයක පමණ දේශීය වී වර්ග හයක් පමණ වගා කර ඇති ජයරත්න කුමාරසිංහ මහතා එම වගාවෙන් ඉහළ අස්වැන්නක ලබන බව අනාවරණය විය. දිවයිනේ දේශීය වී වර්ග වගා කරන ගොවීන්ට දේශීය වීවල බිත්තර වී සපයා දෙන කුමාර මහතා සතුව දේශීය වී වර්ග විසිපහක පමණ බීජ ගබඩා කරගෙන තිබෙන බවද සඳහන් කළේය. මෙම මහ කන්නයේ වගා කළ සුවඳැල් වී වගාවේ අස්වැන්න නෙලාගෙන ඒවා වියලා සකස් කරන අයුරු ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.

රඹෑව ගෝනෑවයායේ පැරෂුට් ක්‍රමයට අක්කර දෙකක පමණ වී වගා කර ඇති මද්දුම බණ්ඩාර හේරත්නායක ගොවි මහතා ඔහුගේ වගාවේ සාර්ථකත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළේ මෙසේය. “කුඹුරු ගොවිතැන ආවට ගියාට කරන්න බෑ. විශේෂයෙන් කාබනික කුඹුරු ගොවිතැනේදී ගොවියා දිනපතා කුඹුරට යන්න එන්න ඕනේ. රසායනික පොහොර යොදා වී වගා කරන ගොවීන් කුඹුරට වී දාලා ගොයම හැදුණම වල්නාශක, කෘමිනාශක ගහලා ආයේ කුඹුරට එන්නෙ අස්වැන්න නෙලන්න විතරයි. කාබනික වගාව හරියට කරනවා නම් ගොවියා දිනපතා කුඹුරට ඇවිල්ලා හැදෙන ගොයම සමඟ වැවෙන වල් පැළ ඉවත් කරලා ගොයමට වතුර ටික බැදලා ගොයමට සාත්තු කරන්න ඕන. රසායනික පොහොරවලින් ලබා ගන්න අස්වැන්න කෘත්‍රිමයි. නමුත් කාබනික වගාවේ අස්වැන්න ලැබෙන්නෙ ගොවියා ඒ වෙනුවෙන් කරන කැපවීම අනුවයි. ගොවිතැනට කැපවෙන්න බැරි කම්මැලියෝ කෘත්‍රිම අස්වැන්න වෙනුවෙන් රසායනික පොහොර ඉල්ලාගෙන කෑ ගහනවා” යැයිද මද්දුම බණ්ඩාර හේරත්නායක මහතා කීවේය.

අනුරාධපුර ආඬියාගල දේවහුව ප්‍රදේශයේදී අපට හමු වූ කාබනික පොහොර නිෂ්පාදනය කරන පී.සී.ජගත් කුමාර මහතා අප සමඟ කීවේ කාබනික වී ගොවිතැන ලාභදායි ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකි ක්‍රමයක් බැවින් ප්‍රදේශයේ ගොවි ජනතාව උනන්දු කරවා ඔවුන්ට අවශ්‍ය කාබනික පොහොර ලබා දී කාබනික වී ගොවිතැන අඛණ්ඩවම කර ගෙන යෑමට කටයුතු කරන බවය.“ කන්න දෙකතුනක් ගත වෙනතුරු කාබනික වී අස්වැන්න අඩු වෙන්න පුළුවන්. එහෙම වුණත් ගොවියාට පාඩු නෑ. කාබනික වී කිලොවක් රුපියල් සියයකට වැඩියෙන් විකුණා ගන්න පුළුවන්. කාබනික වගාව එපා කියලා හෝ එය අසාර්ථකයි කියලා කෑ ගහන්නෙ ගොවියෝ නෙවෙයි. රසයනික පොහොර සමාගම්වල සල්ලි තමයි කෑ ගහන්නෙ. මටත් කාබනික පොහොර නිෂ්පාදනය බාල කරලා නිෂ්පාදනය කරන්න ලක්ෂ පනහක් දෙන්න සමහර කොම්පැනි ඉදිරිපත් වුණා. මම ඒ අයගේ සල්ලිවලට යට වුණේ නෑ. මම නිෂ්පාදනය කරන කාබනික පොහොර ගොවින්ට නොමිලේ ලබා දීලා එහි සාර්ථකත්වය අත්හදා බලමින් ඉන්නෙ. දැනට තිබෙන තොරතුරු අනුව මම නිෂ්පාදනය කරන කාබනික පොහොර සාර්ථක බව පෙන්වා තිබෙනවා. ගොවියාත් දැන් කාබනික වගාවට යොමු වෙමින් ඉන්නවා. දැන් ඉතින් ජනාධිපති හා රජය මේ වැඩේ අතහැරියත් අපි දිගටම කාබනික ගොවිතැන කරනවා” යැයිද ජගත් මහතා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්

40,203 views

35 Comments to “රසායනික වී වගාවේ අස්වැන්න කෘත්‍රිමයි… කම්මැලියා කැමති ඒකටයි… ඒකයි කෑ ගහන්නේ..”

  1. mdd says:

    mr.president we have to improve the quality of organic fertilizer to such an extent so that farmers keep asking “give us more”. mr. president i think we can do that

  2. Buwa says:

    මදැයි හරක් රැලකට වසවිස නැති දේවල් කන්න දෙන්න ගියා. විසම ඉල්ලනව. ගෝට ෆේල් ගෝටා ෆේල් කියනව. තියෙන ක්‍රමයක් වෙනස් කරන්න බෑ රිදෙන් නැතුව.

    • ගොවියා says:

      මොලය නැති කම කියන්නෙ මේකයි.
      මේ දාල තියෙන ලිපිය සත්යයක් නම් තීරණ ගන්න තැන් දැනගන්න ඕන හරියට උපදෙස් දෙන්න, කාබනික පොහොර යොදන්න ගන්නවනම් ඒකට හරියන වී වර්ග බීජ වී ලෙස ගොවියන්ට ලබාදියයුතුයි වැපිරීම සඳහා එසේ ලබානොදී ගොවියන්ට චෝදනා කිරීම ඉතාම මෝඩ වැඩක් පාලකයො වැරදි කරල රටේ මිනිස්සුන්ට කන්න නැති කරල දැං ගොවියන්ට කම්මැලියො කියල කියනව

  3. Sudelmi says:

    Sri Lankan public want to think rationally about all they hear forget last 70 years start thinking now, there are no country in the world who use compost only for agriculture and there are no country believing traditional medicine for COVID19 (LIKE DAMMIKA PANIYA). There is no nessacity to bring electric car if the country cannot makesure 24/7 continue electricity to the public and most importantly select your rulers with sound educational background.

  4. Oba says:

    How to differentiate organic paddy and other paddy.

    In the market organic rice, other local rice and imported contaminated rice which are export rejects of other countries are same in Sri Lanka. There are no proper rules and testing or certifying mechanisms.

    what our funny advisors did was only sabotaged up and coming organic farming and organic consumer market.

    Real need was to fix traceability factor to this market segment together with establishing food testing labs for harmful residues, contamination etc.

  5. Sarath Jb Rajaguru says:

    Seems to be a perfect idea so it’s high time for the president & the government to provide helayas’ seed paddy instead of suddas’ seed paddy together with organic manure. Setting a henchmen to tackle minor issues may be more challenging.

  6. 0.00069 BIYYO says:

    ජයසූරිය උඩුකුඹුර,
    MAHA EKAGE GON AMANA MARI THIRANAYA THAMAYI CARBANIKA KRUSHIKARMAYA ME THANASTA ADALA DAMME !!
    UMBE AGRICULTURE GANA THIYENA DANUMA MADI!!
    THAWA AGHAYANAYA KARAPAN BORUWATA GEMBA WAGE BAKA BAKA GANNE NATHIWA !!

  7. දම්මික says:

    ආන්ඩුව කොයිතරම් අසරණ වෙලාද.තමන්ගේ ඊනියා කාබනික වගාව ගැන පරසාරම් ලියන්න ස්වාධීන මාධ්‍ය කාරයෙක් වත් හොයා ගන්න බැහැ ..මුන් කරපු විනාශය හින්ද කෘෂිකර්මයට කල හානියෙ ප්‍රතිපල ඇස් ඉදිරිපිට පෙනෙද්දිත් ඔනම හාලක් රු150න් උඩට ගන්න වෙලා තියෙද්දිමොකද කරන්නෙ .කාබනික සහල් කියලා දෙයක් නැහැ .ඔය බොරු කාරයො ජනතාව මංකොල්ල කන්න අටවන දේවල්.කඩේ රාක්ක වල බඩු තිබුනට අපිට ගන්න බැරි නම් පලක් නෑනෙ. මේ මෝඩ න්‍යාය කාරයන්ට හෙන ගහන්න ඕනෙ වැහි නැතිව .

Main News