රසායන පොහොර තහනම ඉවත් කෙරේ.. ආනයනය පුද්ගලික අංශයට.. සහනාධාර නෑ..

November 24, 2021 at 10:40 am | lanka C news
රසායන පොහොර තහනම ඉවත් කෙරේ.. ආනයනය පුද්ගලික අංශයට.. සහනාධාර නෑ..

රසායනික පොහොර, වල් නාශක, පළිබෝධ නාශක, දිලීර නාශක ඇතුළු රසායන ද්‍රව්‍ය ආනයනයයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒවා තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනයක් අද රාත්‍රියේ සිට අවලංගු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ අනුව අද දිනයේ සිට එම රසායනික ද‍්‍රව්‍ය පෞද්ගලික අංශයට ආනයනය කළ හැකි බවද අමාත්‍යවරයා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් රජයේ හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ යටතේ පොහොර සහනාධාර ලබාදීම සහතික වී මිල ඇතුළු වැඩ කටයුතු දිගටම ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

මේ අතර ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී පැවසුවේ රසායන පොහොර සදහා රජයේ පොහොර සහනාධාර ලබා නොදෙන බවයි.

60,971 views

33 Comments to “රසායන පොහොර තහනම ඉවත් කෙරේ.. ආනයනය පුද්ගලික අංශයට.. සහනාධාර නෑ..”

  1. වකුගඩු බද්ද says:

    කරුණාකර මෙම කෘෂි රසායනික සඳහා වකුගඩු බද්ද ලෙස බද්දක් අය කරන ලෙස ඉල්ලා සිටිමු. එවිට සියළුම වකුගඩු රෝගීන් සඳහා එම බදු මුදල භාවිතා කළ හැක.

  2. කරුණාකර හිස් තැන් පුරවා ප්‍රින්ට් කර ගෙදර එල්ලා ගන්න. says:

    අහිංසක ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සැපිරූ ………. (නම)…………. ජාතියේ ප්‍රණාමය. (අවශ්‍ය නම් ඡායාරූපයක් අමුණන්න).

Leave a Comment

Main News