රසායන පොහොර දැම්මා කියා ලංකාව ස්වයංපෝෂිත වෙලා නෑ..

October 27, 2021 at 2:10 pm | lanka C news
රසායන පොහොර දැම්මා කියා ලංකාව ස්වයංපෝෂිත වෙලා නෑ..

රසායනික පොහොර යොදා ගොවිතැන් කළා කියා ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී නැතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව සහල් පමණක් නොව මුං ඇට, කව්පි, තල, උඳු ආදී සියලු දේ විදේශයන්ගෙන් ආනයනය කරන බව ද ඔහු පැවසීය.

මෙවර කාබනික පොහොර යොදා ගොවිතැන් කිරීමේදී අස්වැන්න අඩු වුවොත් ගොවීන්ට වන්දි දීමට සූදානම් බව ද පැවසූ ඔහු කෘෂි රක්ෂණ මණ්ඩලයට ඒ සඳහා උපදෙස් ලබා දී ඇති බවද සදහන් කලේය.

නමුත් මෙම මෙම වන්දිය ලැබෙන්නේ වගා කරන ගොවීන්ට පමණක් බව ද ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබීය.

14,298 views

23 Comments to “රසායන පොහොර දැම්මා කියා ලංකාව ස්වයංපෝෂිත වෙලා නෑ..”

  1. gobbaya says:

    Chiina muuta pukee eralaa wagee!

  2. Kalinga de Silva says:

    we have enough rice /excess rice no room for a storage in some seasons.