රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..

October 26, 2020 at 9:56 pm | lanka C news
රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..

කොරෝනා ආසදිතයන් පිරිසක් කලහකාරීව හැසිරීම් හේතුවෙන් දිවුලපිටිය රෝහල් කාර්ය මණ්ඩලය බරපතළ ලෙස අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තා වේ.

තමනට ප්‍රණීත ආහාර වේලක් නොලැබෙන බවත් නාන කාමර පහසුකම් සහ වැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නැති බවත් පවසමින් ඔවුන් වෛද්‍යවරුන් ද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට බැන වදින බව ද පැවැසේ.

මෙම පහසුකම් සපයන්නේ නැති නම් රෝහලෙන් පැන යන බවටද ඔවුන් තර්ජනය කර ඇත.

මෙම රෝහලේ දැනට කොරෝනා ආසාදිතයන් 102ක් ප්‍රතිකාර ලබයි.

රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්කරමින් තර්ජනය කර ඇත්තේ ආසාදිත වූ පුද්ගලයන් 15 දෙනෙකි.

මෙම තර්ජන සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් පොලිසියට සහ මහජන සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ.

94,395 views

30 Comments to “රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..”

  1. Dr Zee says:

    ලෙඩක් නැතුව නිරෝගීව ඉන්න අසදිතයින් රෝහල් වල පුරවන්න උපදෙස් දෙන මෝඩ Goma සංගම් කාරයින් වගකිව යුතුයි.

  2. අප්පුහාමි says:

    කොරෝන හැදුනත් මිනිස්සු මේ…ඉස්පිරිතාල වල ප්‍රමාණවත් ඇඳන් නැහැ බෙහෙත් නැහැ ..හරි වැසිකිලි නැහැ ..ඕක දශක ගානක ඉඳන් තියෙන අමතක කල ප්‍රශ්නයක්..මිනිස්සුන්ට බැරිම අවස්ථාවක ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යනවා ඇරෙන්න නැත්තන් යන්නේ නැහැ …හරියට අන්ත අසාධ්‍ය නොවුන මනුස්සයෙක්ව සති දෙකක් ඒ වගේ තැනක තියනවා කියන්නේ හරිම අපහසු දෙයක්…මිනිස්සුන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න ඕනේ .

  3. නාරද says:

    දිගටම ඉන්න කොට එපා වෙනකොට මෙහෙම හිතෙනවා ඇති. ඒත් ඒ අයට ප්‍රශ්ණය පැන නගින්න කලින්ම ලංකාව වාගේ දුප්පත් රටක සීමා අවබෝධ කරගන්න, මොන රජයක් තිබ්බත් මෙහෙම වන බවත් දරාගත් යුතු බවටත් මොරාල් එක හැදීම කල යුතුයි. ඒ වාගේම මේ රැල්ල හදන්ට මුල් වූයේ දේශපාලකයන් ගේ නොමනා හැසිරීම (ජනතාවගේ බය නැති කිරීම වෙනත් අරමුනු සඳහා) බවත් තේරුම් ගෙන ඉදිරියට වත් මේ දේවල් පාලනයට වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි

  4. බෙර හඬ says:

    ලංකාවේ රෝහල් වල තත්වය අප කවුරුත් හොඳින් දන්නෝ වෙමු. මේ තරවටු කරන්නන්ගේ ගෘහාශ්‍රිත තත්වය අපි නොදන්නෙමු. සමහර විට ඔවුන් තරු මට්ටමේ නිවාස වලින් පැමිණියවුන් විය හැක. ඒ කෙසේ වෙතත් මොවුන් රෝහල් කාර්‍ය මණ්ඩලයට තරවටු කරන්නේ ඔවුන් රෝගය රටටම පතුරුවන අයුරිනි. එසේ නම් ඔවුන් අත් අඩංගුවට ගැණීම වඩාත් සුදුසු යැයි හඟිමි.

    • නාරද says:

      ඔබ නිවැරදියි, රටටම පතුරවන බවට තරවටු කරන්නන්ට අම්මා අප්පා හෝ කිසිම සමාජ සම්බන්ධතාවයක් නැති හිතක් පපුවක් නැති අමනයන් පිරිසක්ද? අර මගුල් ගෙදර මගුල් නටපු මාළුකාරයා (මාළුකාරයා කිව්වේ මෙයාට විතරයි අගෞරව කල යුතු එකාට අගෞරව කල යුතුයි / අනිත් මාළු වලට සම්බන්ධ අය තරග ගන්න එපා) ගේ වාගේ මානසික මට්ටම් තියන අයව නඩු දාලා හා සමාජය ඉදිරියේ පෙන්වා මට්ටම් කල යුතුයි.

  5. shameera Mahawattage says:

    People will get sick in Hospitals. Even i hate to use a lavatory at a Public Place of Sri Lanka. For a good example Fort Railway Station. Once i was glancing at one. The whole bowl was stagnated with Poop and water. I came across a foreigner and he was too smiling at me. I felt shameful as a Sri Lankan. All the politicians and Government Officers are responsible for this pathetic situation.

    • Razor says:

      To my knowledge, almost all hospitals in Sri Lanka are cleaned and disinfected by a contracted private company. Then what is the use of paying them? Besides every hospital has got sanitary laborers with a salary. If neither of them are working, sack them. Rules and implementation in the country should be regulated to the point.

      • shameera Mahawattage says:

        You are correct. If they can’t do the work properly the contracts should be cancelled.

  6. කාන්තාර පළඟැටියා says:

    මුන්ව නිරුවත් කරලා කසපාර දෙන්නයි ඕනෑ…

  7. 77 UNP says:

    බටහිර වෙදකමේ කොරොනා වලට ප්‍රතිකාර නැහැ. එහෙම තියෙද්දි මුන්ව මොන මගුලකටද රෝහලට දැම්මෙ. හැබැයි රෝහල් කර්‍යමන්ඩලයට තර්ජනය කරපු උන්ට එරෙහිව නීතිමය පියවර ගන්න. ලoකාවෙ උසාවි යනව කියන්නෙ ඒක තමයි හොඳම දඩුවම. නඩුව අනන්තය දක්වා කල් යන වාරයක් පාසා ලෝයර්ට සල්ලි, පලයන්කො නිවාඩු දමල මාසෙකට සැරයක්.

Main News