‘රස වැඩියෙන් ලුණු අඩුවෙන්’ ආහාර පිසීමේ ජාතික අභියෝගය අග්‍රාමාත්‍ය ආර්යාවගේ ප්‍රධානත්වයෙන්…

November 1, 2021 at 6:20 am | lanka C news
‘රස වැඩියෙන් ලුණු අඩුවෙන්’ ආහාර පිසීමේ ජාතික අභියෝගය අග්‍රාමාත්‍ය ආර්යාවගේ ප්‍රධානත්වයෙන්…

ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ “රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය-2021” අවසන් මහා තරගය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 30 පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ පළමු වටය සඳහා නිර්ණායක සපුරන ලද සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් හතළිහක් තරග වැදුනේය.

එම කණ්ඩායම් හතළිහෙන් විස්සක් දෙවැනි වටයටත් දෙවැනි වටයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් පහක් අද දින පැවති අවසන් මහා තරගයටත් තේරී පත්ව තිබේ.

අවසන් තරගය පැවැත්වෙන අවස්ථාවට පැමිණි අග්‍රාමාත්‍ය ආර්යාව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය විසින් පිළිගනු ලැබුවාය.

අනතුරුව අවසන් මහා තරගයට එක්වූ තරගකරුවන් හා සුහඳ කතාබහක නිරත වූ අග්‍රාමාත්‍ය ආර්යාව එම කණ්ඩායම් පිසින ලද ආහාරවල රස බැලුවාය.

අධික ලුණු භාවිතය සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන අතර අධි රුධිර පීඩනය සහ ඊට අදාළ සංකූලතා ඇතිවීමේ අවදානම ඉහළ යයි.

දෛනික ලුණු පරිභෝජනයෙන් සියයට 80ක් නිවසේ පිසින ලද ආහාරවලින් ලැබෙන බැවින් ආහාර පිසීමේ දී ලුණු අඩු කිරීම සෞඛ්‍යට ඇති අහිතකර බලපෑම අවම කරයි.

ලුණු අඩු ආහාර වේලක ඇති වැදගත්කම පිළිබඳව ආහාර තාක්ෂණ සහ සූපශාස්ත්‍ර කටයුතුවල නියුතු වන්නන් මෙන්ම මහජනතාවට අවබෝධයක් ලැබෙන පරිදි මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු සහ යුනිසෙෆ් ආයතනයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

රොහාන් වැලිවිට
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

18,036 views

29 Comments to “‘රස වැඩියෙන් ලුණු අඩුවෙන්’ ආහාර පිසීමේ ජාතික අභියෝගය අග්‍රාමාත්‍ය ආර්යාවගේ ප්‍රධානත්වයෙන්…”

  1. Pakanil says:

    This woman should seek mental health advice. She is mentally sick.

  2. Gon athal says:

    Meth mal pipidewa… kussiye….
    Meth mal pipidewa….
    Pada show pathirewa… kussiye…
    Pada show pathirewa…..

  3. Jude perera says:

    Lunu adu wunahama kohomada rasa wenne

  4. Saleem says:

    ‘හාල් අඩුවෙන් බත් වැඩියෙන්’ අභියෝගයටත් ඩෙමෝ එකක් පෙන්නුවොත්.. මල කෝලම්. ඔක්කොම හොදට සිද්ධ වන සමුර්ධිමත් රටක අගමැති ආර්යාවක් වගෙ තමයි මෙයාගෙ රැගුම

  5. Sunil Dahanayake says:

    More and more ridiculus jokes and going to the era of Ransinghe Premadasa and Mrs. Premadasa.

    Why not go and sing in the TV .

  6. 0.069 min biyyo says:

    දැන් වැඩි දෙනාට කන්න වෙලා තියෙන්නේ ලුණු නෙවෙයි ආයිබෝං ලණු 😀 😀 😀

  7. Gamarala says:

    දැන් ලුණු නෙමේ කන්න තිබෙන්නේ වැලි 😀 😀 😀

  8. මෙත් මල says:

    මල විකාර. මෙටි මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා සිත