රහස් පොලිසිය අල්ලන්නට එද්දී බැදුම්කර හොරෙක් බේරෙන්න අරලිගහ මන්දියරට පලා යයි…
March 25, 2019 at 10:34 pm | lanka C news
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලද එක් සැකකරුවෙකු ඉන් බේරීම සදහා අරලියගහ මන්දිරයට පැන යන්නට උත්සාහ ගත් බව පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී හෙලි කලේය.
රහස් පොලීසිය කොලඹ ෂැංග්රිලා සුපිරි නිවාස සංකීර්ණයට ගොස් එහි සිටි රන්ජන් හුළුගල්ල නම් පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු වහා වාහනයක නැගී අරලියගහ මන්දිරය දෙසට පලාගිය බව ඔහු සදහන් කලේය.
අරලියගහ මන්දිරය ආසන්නයේ ඇති දුම්රිය හරස් පාරේ ගේට්ටුව වැසුනු නිසා වාහනය නවතන්ට සිදුව ඇති බවත් ඉන් පසු රහස් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් මන්ත්රීවරයා පැවසීය.
තමන් අත්අඩංගුවට ගන්නේ නම් ආරක්ෂක රාජ්ය ඇමති රුවන් විජේවර්ධන මහතාගෙන් විමසිය යුතු යයිද ඔහු එහිදි පවසා ඇති බවත් කී මන්ත්රීවරයා රන්ජන් හුළුගල්ල යනු මෑතකදී රුවන් විජේවර්ධන මහතා විසින් ලේක්හවුස් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයට පත් කල අයෙක් යයිද සදහන් කලේය.
Oya duwanne upades dunna kena Langata. Kawda maha hora kiyala nikamma therenawa.
සති 5 කින් ඔක්කොම නිදහස්
චන්දයට අධාර පිණිස දැන් පෙන්වනවා ‘බැඳුම්කර නාටකය.’ තිර රචනය රනිල් වික්කමසිංහ ශූරීන්.
ලොකුම හොරාත් ඉන්නේ අරලියගහ මන්දිරයෙනේ.