රහසිගතව ඉන්දියාවේ සිට යාපනයට ඇතුල්වීමට ගිය තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට…

June 28, 2019 at 8:02 am | lanka C news
රහසිගතව ඉන්දියාවේ සිට යාපනයට ඇතුල්වීමට ගිය තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට…

නීති විරෝධී ලෙස රහසිගතව උතුරු මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට යාපනයට පැමිණිමට උත්සහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඩෙල්ෆ්, කුවින්තවාඩි ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී ඔවුන් නාවික හමුදා භාරයට ගෙන ඇත.

එහිදී වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයින් නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට මෙරටට පැමිණ ඇති අතර වැඩිදුර සිදුකරන ලද පරික්සණ වලදී අනාවරනය වී ඇත්තේ මෙම පිරිස් යුද සමයේදී ඉන්දියාවට ගොස් නැවත පැමිණීමට උත්සහ දරා ඇති බවටය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24, 27 සහ 34 ක් වන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, ඩෙල්ෆ් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය වෙත ඔවුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර පහසුකම් සපයා අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් උපකරණ සමගින් ඩෙල්ෆ්, පොලීසිය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,679 Viewers

One Comment to “රහසිගතව ඉන්දියාවේ සිට යාපනයට ඇතුල්වීමට ගිය තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට…”

  1. මාතර සුනිල් says:

    මම නං බඩු ගන්න යන්නේ තෝරාගත් කඩවලට පමණයි (ඌරො මස් තියෙන කඩවලට පමණයි. ඔබත් එහෙමද. (අමතක වෙලා ඇති කියලා නිකන් මතක් කලේ.

Main News