රහසිගත තැනකට කොලඹ කුණු ගිහින් දානවා..කාටවත් කියන්න බෑ…- කොළඹ නගර සභාව වදුරු කුණුහරුප කියයි..

April 18, 2017 at 3:50 pm | lanka C news
රහසිගත තැනකට කොලඹ කුණු ගිහින් දානවා..කාටවත් කියන්න බෑ…- කොළඹ නගර සභාව වදුරු කුණුහරුප කියයි..

කොළඹ නගර සීමාව තුල එක්රැස්වන කැලිකසල තාවකාලිකව පිලියන්දල කරදියාන කසළ අංගණයට බැහැර කරන්නැයි අධිකරණය විසින් අද පෙරවරුවේ අවසර දී ඇති බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා පවසයි.

ඒ අනුව කොලඹ නගරයේ දින කිහිපයක් තිස්සේ එකතු වී ඇති කුණු කසල එම ස්ථානයට බැහැර කිරීම ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

මීට අමතරව කොළඹ ආසන්නයේ තවත් තෝරාගත් ස්ථානයන් කිහිපයකටත් කසළ බැහැර කරන බවද කී ඔහු එම ස්ථාන ගැන මාධ්‍යයට හෙළි කළ නොහැකි බවද සදහන් කලේය.

කෙසේ වෙතත් හෙලිකල නොහැකි රහසිගත ස්ථානයකට කුණු බැහැර කිරීමක් සිදුවන්නේ ලක් ඉතිහාසයේ පළමු වතාවට විය යුතුය.

34 views

6 Comments to “රහසිගත තැනකට කොලඹ කුණු ගිහින් දානවා..කාටවත් කියන්න බෑ…- කොළඹ නගර සභාව වදුරු කුණුහරුප කියයි..”

  1. මිස්ටර් එම් says:

    රාජ්‍ය සේවකයෙකු වූ නාගරික කොමසාරිස් දේශපාලන අතකොළුවක් ද?
    ඔහුට විරුද්දව කිහිප දෙනෙක් නඩු දමා තිබෙන්නේ ඇයි?
    ඔහුට නගා තිබෙන චෝදනා මොනවාද ?
    ඔහුට නිලධාරීන්ගේ රාජකාරියට බාදා කිරීම් ගැන හිටපු නගරාධිපතිතුමා අවවාද කර තිබෙනවාද ?
    තමන් ජිවත්වන නගරය පාලනය කරන ජනතාවට ඔහු කවුද කරන්නේ මොනවද කියා දැනගැනීමට අයිතියක් තිබෙනවා නොවේද ?

  2. komasaris says:

    ඇයි ගොන් හැත්ත තමන්ගේ කුණු ගෙනිහින් වෙන වෙන පැති වලට දාල ඒ පැතිවල ඉන්න අහිංසක ජනතාව අපහසුතාවයට පත් කරන්නේ. නැද්ද මොලයක් පර්තිචක්රිකරණය කරන්න පුළුවන් කොටස වෙනම ඒ වැඩේට අරගෙන, කොම්පෝස්ට් පොහොර හදන්න පුළුවන් කොටස ඒ වැඩේට අරගෙන ඉතිරි කොටස පුළුස්සල ඒ අළු ටිකත් කොම්පෝස්ට් පොහොර වලට කලවම් කරාම ඉතිරියක් නැහැ. අවශ්‍ය වෙන්නේ ඉතාමත් සුළු වියදමකින් සාදා ගත හැකි යන්ත්‍ර කීපයක්. එකත් රත්මලානේ
    යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ හදා ගන්න පුළුවන්.
    ලොරි ගණන් කුණු පාරදිගේ ගද ගස්වමින් එහෙට මෙහෙට අරගෙන යන්න අවශ්‍ය නැහැ. එක කොට්ටශයකට එක කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය බැගින් පිහිටෙවුවම දවසකට ටොන් 50 ක් හරි 100 ක් එකතැනක ඉතිරියක් නැතුව කසල ප්‍රශ්නය විසදෙනවා.
    මුන් බිලියන ගණන් යන ප්‍රොජෙක්ට් හදන්න යන්නේ කුණු ටික වවාගෙන කන්න. ඉතාම සුළු වියදමකින් මේ වැඩේ ලස්සනට කරන රටවල් දැන් බොහොමයක් තියනවා.
    කොතනද කරන්නේ රට මොකද්ද කියල කියන්න දෙයක් නැහැ. මම මේ ගැන සියලු විස්තර ලියල දන්නන ඕනේ සෑම තැනකටම ඊ – මේල් මගින් දැන්නුව අවශ්‍ය උපකාරයක් කරලා මේ ක්‍රමය නොමිලේ හදුන්වා දෙන්නම් කියලා. කිසිම තැනකින් උත්තරයක් නැහැ. මොකද කොමිස් නැති නිසා වෙන්න ඇති.

  3. සොබාදහම says:

    කුණු දමන අයට එතැනම දඩ ගසන්න
    සිංගප්පූරු නීතිය මෙහෙට ගෙනෙන්න
    සැවොම වීනිතව එය අනුගමන කරන්න
    ඔබ රැකුවම රට රැකුම පරිසරම වෙන්න

  4. Kithsiri says:

    According to one garbage lorry driver they are dumping it to Kelani river! Pls try to explore the truth behind it.

  5. Nana says:

    Why these people break heads with such a simple problem. Dump these garbage to sea and make an artificial island or extend the land, if recycling is not possible very soon.

Main News