රාජංගනයේ 300ක් නිරෝධායනයට.. දැඩි සංචරන සීමා පනවයි..

July 13, 2020 at 10:00 am | lanka C news
රාජංගනයේ 300ක් නිරෝධායනයට.. දැඩි සංචරන සීමා පනවයි..

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පාසැල් සිසුන් හැත්තෑ දෙනකු ඇතුළු 300ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

එම ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුට කොරෝනා ආසාදනය වීමෙන් පසු සෞඛ්‍ය බලධාරින් විසින් මෙසේ කටයුතු කර ඇත.

එමෙන්ම රාජාංගනයේ එම ප්‍රදේශයන්ට දැඩි සංචරන සීමා පනවා ඇති අතර ඔවුන්ට අනවශ්‍ය ගමන් බිමන් නොයන ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් දැනුවත් කර තිබේ.

374 views
Main News