රාජගිරියෙන් කොරෝනා ආසාදිතයෙක්.. කොලඹ ඉහල අවදානමක..
October 9, 2020 at 12:00 pm | lanka C news
මිනුවන්ගොඩ කොරෝනා පොකුර හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉහළ බලපෑමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ඉතා ආසන්නව පිහිටා තිබීම සහ දිනපතා ගම්පහ සිට කොළඹට විශාල පිරිසක් පැමිණෙන නිසා මෙම අවදානම ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
මේ අතර රාජගිරිය වැලිකඩවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කෝට්ටේ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා දැනුම් දී ඇත.
ඔහු රාජගිරිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයෙකි.
මෙම දැනුම් දීම නිසා නගර සභාවේ මාසික රැස්වීමද අත්හිටුවා ඇත.