රාජගිරියේ මාරක අනතුරක්.. පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙක් මරුට..

March 23, 2021 at 8:40 am | lanka C news
රාජගිරියේ මාරක අනතුරක්.. පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙක් මරුට..

අද අලුයම සිදුව ඇති රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු හා තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් රාජගිරියේ ගුවන් පාලම අසල පොලිස් මුරපොලේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මිය ගොස් ඇත්තේ පොලිස් පරීක්‍ෂකවරයෙක් හා ලොරි රථ සහායකවරයෙකි.

අනතුර සිදු කල වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගෙන සිටී.

44,893 views
Main News