රාජගිරිය ගුවන් පාලම් බොරුවත් මාට්ටුයි.. මුදල් වෙන් කළේ මහින්දගේ කැබිනෙට්ටුවෙන් කියා රජයේ වෙබ් අඩවිවලම සදහන්..

January 8, 2018 at 10:58 pm | lanka C news
රාජගිරිය ගුවන් පාලම් බොරුවත් මාට්ටුයි.. මුදල් වෙන් කළේ මහින්දගේ කැබිනෙට්ටුවෙන් කියා රජයේ වෙබ් අඩවිවලම සදහන්..

රාජගිරිය ගුවන් පාලම හැදුවේ වත්මන් ආණ්ඩුවෙන් බවට ආණ්ඩුවේම දේශපාලඥයින් සහ ආණ්ඩුවට සහය දෙන ජනමාධ්‍ය වලින් නිතර පවසන්නකි.

එහෙත් රජයේ නිල වෙබ් අඩවි වලින් රාජගිරිය ගුවන් පාලම ආරම්භ කළේ සහ ඊට මුදල් වෙන් කළේ කුමන වකවානුවේදීදැයි නිශ්චිතව සොයා ගැනීමට හැකි විය.

[සැයු: පහත දැක්වෙන රජයේ වෙබ් අඩවි කිසිදු දේශපාලන පක්ෂයක වෙබ් අඩවි නොව මේ රටේ මහජනතාවට අයත් පොදු දේපලකි. රජයේ දේශපාලඥයින්ගෙන් කොතෙක් බලපෑම් ආවත්, මැතිවරණ කාලය තුලදී ජනතාවට දෙන තොරතුරු විකෘති කිරීම හෝ වසං කිරීම බරපතල වරදක් වන බැවින් ඒවායේ සිටින අපක්ෂපාතී නිලධාරීන් අදාල ලිපි ඉවත් නොකරන බව අප විශ්වාස කරමු. මේ වන විටත් එම ලිපි අන්තර්ජාලයේ ආකයිව් වෙබ් අඩවි ගණනාවක සංරක්ෂණය කර ඇත. එසේම රාජගිරිය ගුවන් පාලමේ ආරම්භය ගැන වාර්තා කරන සහෝදර ජනමාධ්‍ය ආයතන වලින් ආණ්ඩුවේ දේශපාලඥයින් කියන දේවල් වලට අමතරව පහත මූලාශ්‍ර වලින් පෙන්වා ඇති සත්‍යය ජනතාවට හෙළි කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු]

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩල කාර්යාල නිල වෙබ් අඩවියේ 2014-12-04 දින පළ වූ වාර්තාවකි.

මෙම රජයේ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි අදාල රාජගිරිය ගුවන් පාලම සෑදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින්ම කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර කැබිනට් අනුමතිය ලබාගෙන ඇත. [ආකයිව් කළ මූලාශ්‍රය]

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ 2014 වර්ෂාවසාන කාර්යඵල වාර්තාවේ 42 පි‍ටුවේ උදෘතයකි.

මෙහි දැක්වෙන පරිදි ස්පාඤ්ඤ රජය සහ ස්පාඤ්ඤයේ BBVA බැංකුව සංවර්ධන හවුල්කරුවන් වශයෙන් ගෙන රාජගිරිය ගුවන් පාලම සෑදීමට යන සමස්ත පිරිවැය වන ඩොලර් මිලියන 49 ක් වෙන් කර ඇත. [ආකයිව් කළ මූලාශ්‍රය]

– mahinda.info

56 views

12 Comments to “රාජගිරිය ගුවන් පාලම් බොරුවත් මාට්ටුයි.. මුදල් වෙන් කළේ මහින්දගේ කැබිනෙට්ටුවෙන් කියා රජයේ වෙබ් අඩවිවලම සදහන්..”

  1. Joseph Fernando says:

    Mr. NJ. Please refer GOSL budget estimates of 1999 where Rs. 500 million was allocated for this. The land was acquired by CBK from Colombo Municipal Council and Nomad Cricket Club. Architect Elmo Silva’s design was selected with the guidance of Dr Roland Silva and Dr Senake Bandaranayake. It was a local Nelum Pokuna. Again in early 2000, RW also raised funds from China during his visit to China. MR came after all these things and got the credit and pasted his name.

  2. Jayarathne says:

    Dakunu adewege nelum pokuna paliyagoda dehiwala nugegoda guwan palam eat chadrkage kale patan aran ewara kale mahinda mahattaya ewa ka gedara ban

Main News