කෙස් ගහටම හදන්න බෑ.. ඒත් රාජගිරිය ගුවන් පාලම ඉතා ශක්තිමත්.. අවුරුදු සියයක් පවතිනවා..- RDA සභාපති
August 30, 2017 at 10:00 am | lanka C news
ආයුර්වේද මං සන්ධියේ සිට වැලිකඩ මංසන්ධිය දක්වා ඉදි කරන ගුවන් පාලම ඉතාම ඉහල තාක්ෂණය යොදා ඉදි කරන බවත් එය වසර සියයකට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බවත් සහතික කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සදහන් කරයි.
පාලම ඉදිකල පසු මෙරට ධාවනය වන ඔ්නෑම වාහනයක් ඒ මතින් ධාවනය කල හැකි යයිද පවසන සභාපතිවරයා ඉන් ඒ ආසන්න මාර්ගයන්හි ඇති තදබදය අඩුවන් ඇතැයිද සදහන් කලේය.
පාලම ඉදි කරන්නේ ප්‍රමිතියෙන් තොව යයි එල්ල වන චෝදනාවන්ට පිලිතුරු ලෙස සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැදවා මෙම අදහස් පල කලේය.