රාජපක්‍ෂලා බේරාගන්න ඉන්දීය හමුදාව එවන්නැයි ඉල්ලයි..

July 11, 2022 at 9:20 am | lanka C news
රාජපක්‍ෂලා බේරාගන්න ඉන්දීය හමුදාව එවන්නැයි ඉල්ලයි..

රාජපක්ෂ පවුල බේරා ගැනීම සඳහා සහාය අවශ්‍ය නම් ඉන්දීය හමුදාව පිටත් කර යැවිය යුතු බව ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානියෙකු වන හිටපු අමාත්‍ය සුබ‍්‍රමනියම් ස්වාමි යෝජනා කර තිබේ.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී ඇත්තේ රාජපක්ෂවරුන් සඳහා ඉන්දීය හමුදා සහය අවශ්‍ය නම් ඉන්දියාව එය ලබාදිය යුතු බවයි.

ගෝඨාභය රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා බලයට පත් වූයේ නිදහස් මැතිවරණයකින් පවත්වා බහුතර බලයකින් බැවින් එවන් නීත්‍යානුකූල ආණ්ඩුවක් මැර පිරිසක් විසින් පෙරළා දැමීමට ඉන්දියාවේ ඉඩ නොදිය යුතු බවයි.

කෙසේ නමුත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ අදාල මතය ඉන්දීය රජයේ ස්ථාවරය නොවන බවත් එම යෝජනා ප්‍රතික්ෂේප කරන බවත් ය.

80,982 views

20 Comments to “රාජපක්‍ෂලා බේරාගන්න ඉන්දීය හමුදාව එවන්නැයි ඉල්ලයි..”

  1. දියරකුස් says:

    LTTE ත්‍රස්තවාදය පරාජය කල මහින්දගෙන් පලිගැනීමට දෙමල ඩයස්පෝරාව කටයුතු කරයි.අරගලයට පැමිනි කොටස බැලීමෙන් එය රටේම මහජන මතය නොවේ.නිහඩව බලා සිටින පිරිස කිහිප ගුනයකින් මීට වැඩිය.ජනපති සහ අගමැති පත්වූයේ මහජන චන්ද කැමැත්තෙනි. මහජන චන්දයෙන් පත්වූ ජනපතිට ආරක්ශාව මෙහිලබාදිය නොහැකිනම් අනිවාර්‍යෙන්ම ඉන්දීය ආරක්ශාව ලබාදිය යුතුය

    • Baiya says:

      Gota ge eka rata rata gihin kate thiyagena inna ekak

      • Boo says:

        නූගත් බයි බාසාව. තර්ක කරන්න දන්නෙ නෑ මරි මෝඩයි. ඒ නිසා අපහාස කරලා, ගහලා, මරලා හෝ ගිනි තියලා දිනන්න විතරයි ඒ වගේ මෝඩයින්ට පුලුවන්.

  2. Sasrasi says:

    අනේ අප්පේ උඹලා ගේ හමුදාව ඕන නෑ අපි උන්ව නිකං නෙවෙයි උන් යටිමඩි ගහගත්ත සල්ලි එක්කම දෙන්නම් කෝ. පවුල් පිටින්ම ගනිල්ලා කෝ. හැබැයි පුතෝ දැනගනිං ටික කාලෙකින් උඹලා බංකොලොත් .

  3. ඉන්දීයාවට සතරදෙසින් විදේශ යුධ හමුධා පහරදීමට සූදානම්,.! says:

    ඉනදියානු හමුධා මොනයම්ම විදියකින් ශ්‍රීලංකාවේ අභ්‍යනතර ගැටළුවට අත පොවනු ලබන්නේනම් සමස්ථ ඉන්දීයාවට සතරදෙසින් විදේශ යුධ හමුධා පහරදීමට සූදානම්,.!

Main News