රාජපක්ෂවරු සටන අත නාරි… චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි….

October 4, 2019 at 4:40 pm | lanka C news
රාජපක්ෂවරු සටන අත නාරි… චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි….

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ිටපු කතානායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ මහතා තරග කිරීමට ඇප තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂක ලෙසයි.

ඇතිව තිබෙන තත්ත්වයන් මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට තරග කිරීමට නොහැකි වුවහොත් චමල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.

91 views

45 Comments to “රාජපක්ෂවරු සටන අත නාරි… චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි….”

  1. ලක්වැසියා says:

    ජයවේවා!!! ජයවේවා!!! ජයවේවා!!!
    ගෝටාභය මහතාගේ පුරවැසිකම නැති කරන්න දාපු නඩුවෙන් ඔහු නිදහස් වී ඇත.

    එහෙත්, ගෝටාභය මහත්තයව හිරේ දාන්න, පුරවැසිකම නැති කරන්න විතරක් නෙමෙයි ඔහුව ඝාතනය කරන්නත් සැලසුම් තියෙන්න පුලුවන්. මේව පිටුපස ජාත්‍යන්තර බුද්ධි අංශ පවා සැලකිය යුතු කාර්‍යයක් කරනව ඇති. මොනව උනත් චන්දය ලංවෙලා ගෝටාභය මහත්තයට මොනව හරි කලොත් ඉදිරිපත් කරන්න, පොහොට්ටුව විසින් දෙවැනි අපේක්ෂකයක්ව ලෑස්ති කරගෙන ඉන්න ඕනෙ; දෙවැනි අපේක්ෂකයෙක්ව ස්වාදීනව හරි නාම යෝජනා දීල තියාගෙන ඉන්න ඕනෙ. චන්දය ලංවෙලා ඝෝටාභය මහත්තයට යමක් කලොත් ඒ අනුකම්පාවත් අරගෙන දෙවෙනි අපේක්ෂකයව ඉදිරිපත් කරන්න පුලුවන්. ගිය පලාත් පාලන මැතිවරණයෙත් මේ දේ ගොඩක් තැන්වල උනා. පොහොට්ටුවට ඉල්ලන්න බැරි උනාම ඉදිරිපත් උන ස්වාදීන කන්ඩායම් දිනුව, ප්‍රධාන පක්ෂ පරදවල.
    ඝෝටාභය මහතාට කිසිදු කරදරයක් නොවුනත්, දෙවැනි අපේක්ෂකයෙක්ව ඉදිරිපත් කර තිබීම ඔහුගේ ආරක්ෂාවටත් හොඳයි. එතකොට සතුරන් දන්නව චන්දය ලංවෙලා කරන හිරිහැර නයාට ගහල පොල්ල වරද්දව ගැනීමක් වෙන්න පුලුවන් කියල .

  2. Wedda says:

    Politics apart, this seems to be an excellent tactical move by Pohottuwa. No point in complaining against Rajapakshas at this stage, as it’s a big game.

Main News