රාජපක්ෂ පවුලේ දීර්ඝකාලීන හිතවතා දකුණු අප්‍රිකානු තානාපතිකමෙන් වහාම ඉවතට..

December 3, 2021 at 10:00 am | lanka C news
රාජපක්ෂ පවුලේ දීර්ඝකාලීන හිතවතා දකුණු අප්‍රිකානු තානාපතිකමෙන් වහාම ඉවතට..

දකුණු අප‍්‍රිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස සේවය කල එස් අමරසේකර මහතා වහාම ඉවත්කර තිබේ.

එම ධුරය සදහා මහාචාර්ය ගාමිනි ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා විසින් පත්කොට ඇත.

එම නව පත්විම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පත්කිරිමේ කොමිටිය මගින් මිට දින 4 පෙර අනුමත කොට තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවයේ දීර්ග කාලයක් සේවය කල හිටපු කැබිනට් ලේකම් සිටි එස් අමරසේකර මහතා වහාම ශ්‍රි ලංකාට ගෙන්වා ගැනිමට නියමිතය.

වත්මන් ආන්ඩුවේ කැබිනට් ලේකම් ලෙසත්, මහින්ද රාජපක්ෂ රජයේ මහා මාර්ග මෙන්ම අමාත්‍යාංශය ගනනාවකත්, දින 56 ආන්ඩුවේ අග්‍රාමාත්‍ය ලේකම් ධුරයත් තවත් රජයන් ගණනාවකම ඉහල තනතුරු ඒ මහතා විසින් දරන ලදී.

68,449 views

14 Comments to “රාජපක්ෂ පවුලේ දීර්ඝකාලීන හිතවතා දකුණු අප්‍රිකානු තානාපතිකමෙන් වහාම ඉවතට..”

  1. චන්ද දායක says:

    ඇමති කමක් දෙන්න වෙන්න ඇති.

    • JV. Jayasena says:

      රාජ්‍ය සේවයේ සිටි ප්‍රවිනතම නිලධාරියෙක්. මහින්ද මහතාට හිතවත් උනත් කවදත් කෙලින් තිරන ගත්ත නිලධාරියෙක්. සමහර විට ‘සර්’ ට දිරවන්නෙ නැතිව ඇති.

  2. ඉරිසියාවතී says:

    හිටපු ටිකේ පරංපරා ගානකට හොයා ගන්න නැතෑ , මෙයා . කොහේ තියන්නෙයි ඔච්චර .

    • Saradiel says:

      කුරහන් සාටකේ පවුලේ සාමාජිකයෙක් පත් කරයි ..මේ වසර 3 පුළුවන් තරම් මුදල් උපයා ගැනීමට අවශ්‍ය නිසා ..ලබන සැරේ පොහොට්ටුවට ඇපත් නැහැ.. යහපාලනේ කරපු විනාශයම කරන පොහොට්ටුවත් යමපාලනයක් ම තමයි

  3. මාර නිවුස් එකක් බං අඩමු. ජාපාවුන් මාරයි ආ. පුප අඩනවා

  4. 3% ට බය බයියා. says:

    ගණුදෙනු වල ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති ?

  5. Araa says:

    ජනපති අගමැති බල අරගලය එලියට ඒමේ පෙරනිමිති වගේ..?

    • Sujatha says:

      Mona pissu da OMICRON (COVID 19) nisa, wayasaka manussayawa genna awa, Africa band kala kiwwata scheduled flight enna denawa. E kiyanna oya manussaya ena Kan lankawa ta flights enawa

      • D.R. Silva says:

        පී . බී . ට උවමනා ගණුදෙනු වෙනුවෙන් හදිසි කැබිනට්‌ පත්‍රිකා දමන්නට ඉඩ නොදුන් නිසා හෙමින් සීරුවේ දකුණු අප්‍රිකාවට පත් කර තමන්ගේ හෙන්චයියෙක් එම තනතුරට පත් කර ගත්තා . දැන් පී . බී . ගේ පළි ගැනීමේ උපරිමයට ඇවිත් වගේ . අපි දන්නා අමරසේකර මහතානම් රාජපක්ෂ පවුලේ හිතවතෙක් ට වඩා , මහින්ද මහතාගේ හිතෛශියෙක් . නමුත් බැසිල්ට , පී . බී . ට අවශ්‍ය විදියට වැඩ නොකරපු මහත්මයෙක් . ඔවුන්ගේ තීරණ වලට විරුද්දව කතාකරපු නිලදාරියෙක්. චන්ද්‍රිකා , රනිල් මහින්ද තුන් දෙනාගේම පාලන කාල වල සිට සිටිය ස්වාදීන ලේකම්වරයෙක්. මහින්ද මහතා ඇමති වරයෙකු කාලයේ සිට ජනාදිපති වනතෙක් ඔහුගේ අමත්යන්ශවල ලේකම් උනේ මෙතුමා . ඔහුගේ වැඩ පිළිවෙල තාම මහින්ද මහතාගේ අමාත්‍යංශ වල ප්‍රගතියට හේතුව . දකුණු අප්‍රිකාවේ covid පැතිරෙන මොහොතේ මේකනම් එතුමාගේ හොඳට උන දෙයක්. අපි වසර 10 පමණ මෙතුමා සමග මහා මාර්ග අමාත්‍යංශයේ වැඩ කලා. විශිෂ්ටතම රාජ්‍ය නිලදාරියෙක් . ලංකාවේ මහා මාර්ග ක්ෂේස්ත්රයේ වෙනස සිදු කලේ මෙතුමා . එම වැඩ පිළිවෙල හොඳින් සිදුවෙන කොට, විශාල ඉදි කිරීම් වලින් කොමිස් ගන්න අවශ්‍ය නිසා වෙනත් අය පැනල එම වැඩ පිළිවෙල බදා ගත්තා . එතුමා සද්ද නැතිව වෙනත් අමාත්යංශය ලේකම් වරයෙක් විදියට ගියා පසුව දෙවරක් අග්‍රාමාත්‍ය ලේකම් ලෙසත් වැඩ කලා . මෛත්‍රීපාල මහතාගේ අමත්යන්ශයකත් ලේකම් වෙලා හිටියා . දැනටත් රාජ්‍ය සේවයේ අපි අසීරු තීරණ ගන්නා අවස්ථාවක උපදෙස් පතන්නේ මෙතුමාගෙන් .

  6. ආර් .පි.මැල් says:

    අහල තියෙන විදියට නමි මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳ හිතවතෙක්, කෙලින් වැඩ කරන ,දෙසපාලකයන්ට වැඩි ය හිස නමන්නේ නැති නිලධාරීයෙක්.. කාට හරි ගැලපුනේ නැද්ද මන්දා.

  7. ආර් .පි.මැල් says:

    බල අරගලය කරලියට…පුංචි බණ්ඩා ට බය නොවූ එකම නිලධාරියට දැඩි ප්රහාරයක්
    නාගෙන්හිර ජැටිය රැකගැනීමට උපකාර කර නිසා දැන් පළිගන්නවා වගේ

    • Namal Wickramasingha says:

      මටත් හිතෙනවා මේක බල කදවුරු දෙකේ බෙදීමක් ඇතිවෙලා වගේ…හැබැයි අමරසේකර මහතා රාජ්ජය සේවයේ හොඳ නමක් තියෙන කෘතහස්ත නිලධාරියෙක්, පුංච් බණ්ඩා මෙක පිටුපස ඇති,අප්‍රකාවෙ කොවිඩ පැතිර යන වෙලාවක ලංකා වට ගෙන්වා ගැනීම එත්‍රමා ට නම් හොඳයි කියලා හිතෙනවා..

  8. 0.00069 BIYYO says:

    අහල තියෙන විදියට නමි මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳ හිතවතෙක්, කෙලින් වැඩ කරන ,දෙසපාලකයන්ට වැඩි ය හිස නමන්නේ නැති නිලධාරීයෙක්.. කාට හරි ගැලපුනේ නැද්ද මන්දා.

  9. sam says:

    කොමිස් ටික වෙලාවට එවන්ඩ නැතුව ඇති.

Main News